අගමැති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගනී

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන්වහන්සේ බැහැ දුටු අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.

අග්‍රාමාත්‍යතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ බැහැ දුටුවේය.

පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේගේ සුව දුක් විමසා බැලූ අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේ සමඟ සුහඳ කතාබහක නිරත විය.

මෙම ආගමික වතාවත්වලට උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා ඇතුළු කිහිප දෙනෙක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *