පාස්කු නඩුවෙන් හේමසිරිත් පූජිතත් නිදොස් කොට නිදහස්

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැර හැරීම ඇතුලු චෝදනා එල්ල වී සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ති‍බේ.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව අද(18) කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පූද්ගලයින් රැසක් අත්අඩංගුවට ගත් අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වගින් ඔවුන් බොහෝ දෙනෙකුට නඩු පැවරීම සිදු කළේය.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් අගතියට පත්වූ පාර්ශ්ව කිහිපයක් එක්ව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයන්දර යන අයට එරෙහිව අධිකරණයේ නඩුවක් පැවරුවේ ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවල එල්ල කරමින්ය. එම නඩුව පසුගිය ජනවාරි 19, 20 යන දිනවල නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ සහ මොහොමඩ් ඉරුෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී දැනුම් දුන්නේ ඒ පිළිබද නියෝගය අද ලබා දෙන බවටයි.

ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයාට එල්ල වූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *