කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (18) පෙරවරු 10.00 සිට පැය 36ක කාලයක් ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව කොළඹ 01, 07, 09, 10 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 08 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *