අධිවේගි මාර්ගයක වාහන 47ක් එකිනෙක ගැටෙයි – 06ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ගිනිකොනදිග මිසූරි හි අධිවේගි මාර්ගයක රථවාහන පෙළක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙක් මරණයට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අධික මීදුම් තත්වයක් හේතුවෙන් රථවාහන 47කට ආසන්න ප්‍රමාණයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

එම ස්ථානයේ ඡායාරූපවලින් පෙන්නුම් කරන්නේ ට්‍රැක්ටර් ට්‍රේලර් කිහිපයක් අධිවේගී මාර්ගය පුරා සහ මහාමාර්ගයේ මධ්‍යයේ විසිරී ඇති ආකාරයයි.

අනතුරින් තුවාල ලැබු තවත් පිරිසක් රෝහල් ගත කර තිබෙන අතර අධිවේගී මාර්ගයේ අනතුර සිදු වූ කලාපය මේ වන විට වසා දමා සුන්බුන් ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇත.

එසේම මිසිසිපි ප්‍රාන්ත හදිසි මරණ පරීක්ෂක ටෙරී පාකර් සීඑන්එන් වෙත පවසා ඇත්තේ වින්දිතයින්ගේ නම් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *