IMF වාර්තාව පිළිබඳව ලබන මස මුල් සතියේදී පාර්ලිමේන්තු විවාදයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කර ඇති වාර්තාව පිළිබඳව ලබන මස මුල් සතියේදී පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙරට සාර්ව ආර්ථික ස්ථාවර භාවය සහ ණයවල තිරසාර භාවය ඇතුලු කරුණු රැසක් පිළිබඳව තොරතුරු එම වාර්තාවේ අඩංගු වේ.

එමෙන්ම ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සඳහා බදු මුදල් ඉහළ නැංවිය යුතු බවද IMF වාර්තාවේ නිර්දේශවලට ඇතුළත්ය. කොවිඩ් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක ලැබිම් අහිමිවීම හා රට අගුලු දැමීම හමුවේ මෙම ආර්ථික ගැටලු වඩාත් තීවුර වූ බව අදාල නිර්දේශ තුළ දක්වා තිබේ.

මෙරට ආර්ථිකය මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුද තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා ඊට අදාල වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පසුගියදා මෙරටට පැමිණියේය. එම නිලධාරියා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවී සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික තත්වය පිළිබඳ වාර්තාවක් සැකසීමටයි එම සාකච්ඡාවේදී තීරණය කෙරුණි.

ලබන මස මුල් සතියේදී මෙම වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුලදී විවාදයක් පැවැත්වීමට රජය තීරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *