බක් මහේ අකුණු මැදවච්චියෙන් පළමු බිල්ල ගනී

(කොළඹ, ලංකාපුවත්) – මැදවච්චිය කිරි ගල්වැව ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටී‍ෙගොවියෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය , අංක 72 කිරිගල්වැව තුලානේ , අමුනේවත්ත ලිපිනයේ පදිංචි අප්පුහාමිගේ ජයසුන්දර නැමැති 69 හැවිරිදි අයෙකි.

ඊයේ(03) සවස මැදවච්චිය ප්‍රදේශයට ලැබුණු ධාරාණිපාත වර්ෂාව අතර තුර පතිත වූ අකුණු ප්‍රහාරයක් මෙම ගෙවි මහතා වැඩ කරමින් සිටි කුඹුර ආසන්නයේ වැදී ඇත. එම හේතුවෙන් මෙම ගොවිමහතා කුඹුරේම ඇදවැටී තිබේ.

වර්ෂාවත් සමග ඔහු නිවසට පැමිණීමේ ප්‍රමාදය හේතුවෙන් නිවසේ සිටි ගොවි මහතාගේ පුතා සහ දියණිය මෙම ගොවි මහතා පිළිබඳ සොයා බැලීමට කුඹුර වෙත ගොස් ඇත. එහිදී මෙම පුද්ගලයා බිම වැටී සිටිනු දැක දරුවන් විසින් මැදවච්චිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, රෝහල වෙත රැගෙන එන විටත් අප්පුහාමිගේ ජයසුන්දර නැමැති අදාළ ගොවිමහතා මියගොස් සිට ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *