සෑම ප්‍රධාන නගරයකටම විශේෂ ආරක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) – අලුත් අවුරුදු සමයේදී සෑම ප්‍රධාන නගරයකම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ අනුව ජනතාව නගරයට පැමිණෙන්නේ නම් වඩාත් විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසීය.

අවුරුදු සමයේ සිදු විය හැකි අනතුරු වළක්වා ගැනඹීට පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායම් මාර්ග වලට යොදා ඇති අතර, අධිකවේගයෙන් සහ බීමත්ව රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *