අද, හෙට සහ අනිද්දා ඉන්ධන දීම වාහනවලට පමණයි – කෑන් හා බැරල්වලට නෑ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ධන පිරවුම්හල්වලින් අද (12), හෙට (13) සහ අනිද්දා (14) දිනවලදී කෑන් සහ බැරල්වලට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

මෙම තෙදින තුළ විදුලිය කපා හැරීමක් සිදු නොවන බැවින් හා ඉන්ධන අනවශ්‍ය ලෙස රැස් කර ගැනීම වැළැක්වීමට මූලික පියවරක් ලෙස මෙම තීරණය ගත් බව ඔහු වැඩි දුරටත් පැවසීය.

කෙසේ වූවද කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරන වාහන සඳහා අවශ්‍ය ඉන්ධන කෘෂි පර්යේෂණ නිලධාරී හා ග්‍රාම සේවා නිලධාරී සහතික කිරීමෙන් ලබා ගත හැකි බවද ඔහු අවධාරණය කළේය.

පෙරේදා (10) දිනයේදී පමණක් අනවශ්‍ය අයුරින් රැස් කර ගත් ඉන්ධන ලීටර් 10,000ක් පමණ ස්ථාන කිහිපයකින් සොයා ගත් බව සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන ගබඩා කර තබා ගත හැක්කේ ඉන්ධන පිරවුම්හල්වල පමණක් බවද, ඉන්ධන පෞද්ගලිකව රැස්කර තබා ගැනීමට සාමාන්‍ය ජනතාවට කිසිදු බලයක් නැති බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *