ඉන්ධන බවුසර් පිළිබඳව පොලිසියෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට අවහිර කිරීම් සහ අලාභහානි කිරීම්වලින් වළකින ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සියලු ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ සහ අනෙකුත් වාහන සඳහා අවහිර කිරීමකින් තොරව විරෝධතා සාමකාමීව සිදුකරන ලෙසය.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය වැඩිදුරටත් පහත කරුණු සඳහන් කරයි.

“ඊයේ දින දිවයිනේ සිදුවූ විවිධ සිදුවීම් අතර ඉන්ධන ප්‍රවාහනය කරන කරන ලද බවුසර් අවහිරි කිරීම බවුසර් අලභහානි සිදුකිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. ඉන්ධන සැපයීමේ ජාලය අඩපන වුවහොත් විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ හා ආහාර අනෙකුත් සැපයුම්ජාල අක්‍රිය වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන බවුසර් සහ අනෙකුත් වාහන අවහිරි කිරීමෙන්, ඒවාට අලභහානි කිරීමෙන් වළකින ලෙසට අද දිනයේත් එම ලැබෙන ඉන්ධන තොග ප්‍රවාහනය කිරීමේ කටයුතු සාමන්‍ය පරිදි සිදුකරන බවටත් අදාළ බලධාරීන් විසින් දැනුම්දී තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මහජනතාවගෙන්, ඒ වගේම සාමකාමි උද්ඝෝෂණවල නිරිතවන පිරිස්වලින් කාරුණිව ඉල්ලා සිටිනවා ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන බවුසර් ඒ වගේම අනෙකුත් වාහනවලට අලභහානි කිරීමෙන් වළකින ලෙසට.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *