බෝදාගම චන්දිම නාහිමියන්ට “සාහිත්‍යසූරි” ගෞරව උපාධි සම්මානය

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයෙන් මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ට “සාහිත්‍යසූරී ගෞරව උපාධි සම්මාන” උපාධිය පිරිනැමේ.

ජාතික ආගමික සාසනික මෙන්ම ශාස්ත්‍රීය සේවාව අගය කරමින් අනුරාධපුර ශ්‍රි ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨ යෝජනාවෙන් සනාතන සභා නිර්දේශය හා පාලක සභා අනුමැතියට යටත්ව “සාහිත්‍යසූරී ගෞරව උපාධි සම්මානය” මෙලෙස උන්වහන්සේට පිරිනැමුණි.

මහාවිහාරවංසික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක ශ්‍රිමත් වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති 08 වන උපාධි ප්‍රදානෝත්සවයේදී පිරිනැමිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *