ලොව 7 වැනි ආශ්චර්යය අනාගත පරපුරට චීනය දායාද කරයි

(කොළඹ, ලංකාපුවත්) –හොංකොං – චුහයි – මැකාවෝ පාලම චීන ජනපතිවරයා විසින් පසුගියදා විවෘත කරන ලදි.

"ලොව 7 වැනි ආශ්චර්යය අනාගත පරපුරට චීනය දායාද කරයි"

සාමාන්‍ය ජනතාවට අයිති ඉඩම් කිසිවක් ගුවන් හමුදාව සතුව නැහැ

(කොළඹ, ලංකාපුවත්) –සාමාන්‍ය ජනයා සතු කිසිම ඉඩමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අත්කර ගෙන නොමැති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා පවසයි.

"සාමාන්‍ය ජනතාවට අයිති ඉඩම් කිසිවක් ගුවන් හමුදාව සතුව නැහැ"

විහාරස්ථානයක ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය ලබන 29වනදා ඉදි කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ විහාරස්ථාන පරිශ්‍රයක් ආශ්‍රීතව ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය ඔක්තෝබර් මස 29 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

"විහාරස්ථානයක ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය ලබන 29වනදා ඉදි කෙරේ"

දෙවින් ඉදුසර සිසුවාට ජනපතිගෙන් නවීන රෝද පුටුවක්

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යාපනයේ විශේෂ සමත්කම් දක්වන ගල්කිස්ස දකුණු කොළඹ විද්‍යා විද්‍යාලයේ දෙවින් ඉදුසර රත්නායක සිසුවාගේ අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නවීන රෝද පුටුවක් ලබාගැනීම සදහා රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

"දෙවින් ඉදුසර සිසුවාට ජනපතිගෙන් නවීන රෝද පුටුවක්"

වැසි තත්ත්වය තවදුරටත් – ජලාශ කිපයක වාන් දොරටු විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) –මේ දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි අද (25) දිනයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන අතර වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු මේ වනවිටත් විවෘතව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

"වැසි තත්ත්වය තවදුරටත් – ජලාශ කිපයක වාන් දොරටු විවෘත කරයි"

ඉරිදා දිනය දහම් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම අත්‍යවශ්‍යයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ඉරු දිනය දහම් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම ජාතියේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

"ඉරිදා දිනය දහම් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම අත්‍යවශ්‍යයි – ජනපති"

නේපාලයේ ලුම්බිණියේ දී ප්‍රථමවරට ත්‍රිපිටකය සජ්ඡායනාවක්

(කොළඹ, ලංකාපුවත්) – නේපාලයේ පූජණීය ලුම්බිණියේ දී ප්‍රථමවරට බුදු රජාණන්වහන්සේ වදාළ ත්‍රිපිටකය සජ්ඡායනා කිරීමේ මහා පුන්‍යෝත්සවය නොවැම්බර් මස 14 දින සිට 16 දින දක්වා ලුම්බිණියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි සමස්ත නේපාල භික්ෂු සම්මේලනයේ සභාපති, කත්මණ්ඩු ආනන්ද කුටි විහාරයේ විහාරස්ථානාධිපති අතිපූජ්‍ය මෛත්‍රී හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

"නේපාලයේ ලුම්බිණියේ දී ප්‍රථමවරට ත්‍රිපිටකය සජ්ඡායනාවක්"

ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස හේමසිරි ප්‍රනාන්දු පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කර ඇත.

"ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස හේමසිරි ප්‍රනාන්දු පත් කෙරේ"

2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරිම අද

(කොළඹ, ලංකාපුවත්) – 2018 ඡන්ද හිමි නාමලේඛණය අද (25) දිනයේ සහතික කරන බව සහකාර මැතිවරණ කොමසාරිස් එච්.එම්.මොහොමඩ් මහතා සඳහන් කළේය.

"2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරිම අද"

රජයේ වැඩපිළිවෙළින් ලොව හොඳම සංචාරක ගමනාන්තය බවට පත්වුණා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛස්ථානය ලබා දීමට 2015 සිට රජය ක්‍රියා කිරිමේ ප්‍රතිඵල ලැබී ඇතැයි ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරින් ශ්‍රී ලංකාව පළමු ස්ථාන­යට නම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"රජයේ වැඩපිළිවෙළින් ලොව හොඳම සංචාරක ගමනාන්තය බවට පත්වුණා – අගමැති"