සතොස විකුණන්නේ නැහැ – ඇමති රිෂාඩ් බදියුදීන්

(කොළඹ, ලංකාපුවත්) – හේමාස් හෝ වෙනත් කිසිදු පුද්ගලික ආයතනයකට සතොස ආයතනය කිසිවිටෙකත් නොවිකුණන අතර සතොස ශාකා ජාලය පුළුල් කිරීමට සහ එහි සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වර්ෂයේ රුපියල් මිලියන 1100 ක් තම අමාත්‍යාංශය වැය කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

"සතොස විකුණන්නේ නැහැ – ඇමති රිෂාඩ් බදියුදීන්"

නව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වූ මංගල සමරවීර මහතා අද (25) පෙරවරුවේ මුදල් අමාත්‍යංශයට පැමිණ සිය රාජකාරි ආරම්භ කළේය.

"නව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩ අරඹයි"

ආයතන තුනක් ඉල්ලා ඇති බවට තිබෙන පුවත්පත් වාර්තාව සම්පූර්ණ අසත්‍යයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉඩම් අමාත්‍යවරයා ලෙස තමන් තවත් ආයතන තුනක් ඉල්ලා ඇති බවට පළ වී ඇති පුවත්පත් වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

"ආයතන තුනක් ඉල්ලා ඇති බවට තිබෙන පුවත්පත් වාර්තාව සම්පූර්ණ අසත්‍යයක්"

ශ්‍රී ලංකා යතුරුපැදි ධාවනශූරයාගේ ජිවිතය බේරා ගන්න ජනතා සහය පතයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය අප්‍රේල් 24 වනදා නුවරඑළියේ ධාවන තරගයෙදි හදිසි අනතුරට ලක්වු සුපිරි යතුරුපැදි ධාවනශූර ආනන්ද වෙඩිසිංහ මේවන විටත් මහනුවර මහ රෝහලේ ශල්‍යකර්ම දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සදහන් කරයි.

"ශ්‍රී ලංකා යතුරුපැදි ධාවනශූරයාගේ ජිවිතය බේරා ගන්න ජනතා සහය පතයි"

ඉන්දුනීසියාවේ ද්විත්ව බෝම්බ ප්‍රහාරයකින් 03ක් මරුට – 10කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 03දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.

"ඉන්දුනීසියාවේ ද්විත්ව බෝම්බ ප්‍රහාරයකින් 03ක් මරුට – 10කට තුවාල"

ඉදිරි වසර කිහිපයේ දී අපනයන ආර්ථිකයක් බිහිකරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථිකය මුළුමණින්ම අපනයන ආර්ථිකයක් ලෙස පරිවර්තනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ඉදිරි වසර කිහිපයේ දී අපනයන ආර්ථිකයක් බිහිකරනවා – අගමැති"

පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට අත්හිටවූ සිරදඩුවමක්

(කොළඹ, ලංකාපුවත්) – ලොව කීර්තිමත් පාපන්දු ක්‍රීඩකයෙකු වන ආජන්ටිනා ජාතික ලයනල් මෙසීට මාස 21 ක අත්හිටවූ සිර දඬුවම් නියම කර ඇත.

"පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට අත්හිටවූ සිරදඩුවමක්"

ඇතැම් ප්‍රදේශවලට තද වැස්ස

(කොළඹ, ලංකාපුවත්) – නිරිතදිග මෝසම් කාලගුණ තත්වය දිවයින හරහා ස්ථාපනයවීමත් සමග ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවිහ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"ඇතැම් ප්‍රදේශවලට තද වැස්ස"

කසළ බැහැර කරන ස්ථාන මධ්‍යම පරිසර අධිකාරියෙන් පරික්‍ෂාවකට

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතන විසින් කැළි කසළ බැහැර කරන ස්ථාන පිළිබඳ පරීක්ෂාවක් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණයකර ඇත.

"කසළ බැහැර කරන ස්ථාන මධ්‍යම පරිසර අධිකාරියෙන් පරික්‍ෂාවකට"

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා නංවාලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ සහය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා පුර්ණ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට දැනුම් දී ඇත.

"ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා නංවාලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ සහය"