ගෝඨාභයගේ ප්‍රතිපත්තිවලට අනුව විද්‍යා පීඨ අහෝසිය නිදහස් අධ්‍යාපනයට මරු පහරක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවකාරී පරිවර්තනයකට හේතු වූ අධ්‍යපන විද්‍යා පීඨ අහෝසි කර, ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් බලගන්වන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන බවත්, ඔවුන් මේ උත්සාහ කරන්නේ නිදහස් අධ්‍යාපනය මෙරටින් මුළුමනින්ම අතුගා දැමීමේ සැලැස්මක් ආරම්භ කිරීමට බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ගෝඨාභයගේ ප්‍රතිපත්තිවලට අනුව විද්‍යා පීඨ අහෝසිය නිදහස් අධ්‍යාපනයට මරු පහරක්"

මැතිවරණ පැමිණිලි 3,214ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඔක්තෝබර් මස 08වනදා සිට ඊයේ(07) දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධි පිළිබඳ පැමිණිලි 3,214ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

"මැතිවරණ පැමිණිලි 3,214ක් වෙයි"

ජූලම්පිටියේ අමරේ පෝරකේට

(කොළඹ, ලංකාපුවත්) – මීට වසර හතකට පෙර එනම් 2012 වසරේ දී කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුනේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ චෝදනාවට වැරදිකරු වූ මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී. ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා අද (07) මරණීය දණ්ඩනය නියම කළේය.

"ජූලම්පිටියේ අමරේ පෝරකේට"

කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – 21 වන සියවසේ මෙරට වාරි විස්මිතය ලෙස හැදින්වෙන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ සිදු විය.

"කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්"

ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනගන බවට ගෝඨාභය කියයි

(කොළඹ, ලංකාපුවත්) – ආයෝජකයන්ට හිතකර පරිසරයක් රට තුළ යළි ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

"ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනගන බවට ගෝඨාභය කියයි"

මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවෙන් සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩයක්

(කොළඹ, ලංකාපුවත්) –මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා නුඳුරේදී දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය (Combat Convoy Company) ඊයේ (06) උදෑසන විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීය.

"මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවෙන් සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩයක්"

ඩෙල්ෆ් දූපත් වාසීන් සදහා නිවාස – පාසල් සදහා සුපිරි පංති කාමර

(කොළඹ, ලංකාපුවත්) – යාපනය ‌ඩෙල්ෆ් දූපතේ ජීවත්වන ජනතාවගේ නිවාස අවශ්‍යතා සහ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සදහා රුපියල් මිලියන 32 ක සංවර්ධන වැඩසටහන් ප්‍රතිලාභි අයිතියට හා සිසු අයිතියට පැවරීම ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී.සිවඥානසෝති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

"ඩෙල්ෆ් දූපත් වාසීන් සදහා නිවාස – පාසල් සදහා සුපිරි පංති කාමර"

පොළොන්නරුවටත් ඩිජිටල් පුස්තකාලයක්

(කොළඹ, ලංකාපුවත්) – ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය යටතේ (Digital Libraries Project) පොළොන්නරුව මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කෙරේ.

"පොළොන්නරුවටත් ඩිජිටල් පුස්තකාලයක්"

බිරිද හා දරු දෙදෙනා ඝාතනය කළ පුද්ගලයාට මරණ දඬුවම

(කොළඹ, ලංකාපුවත්) – 2012 වසරේ රත්මලාන ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ තිස් පස් හැවිරිදි බිරිඳ තුන්හැවිරිදි පුතු සහ මාසයක් වයසැති දරුවකු පුළුස්සා මරා දැමීමට වරදකරු කෙරුණු මධුර මනුරංග ද සිල්වාට කොළඹ මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කරයි.

"බිරිද හා දරු දෙදෙනා ඝාතනය කළ පුද්ගලයාට මරණ දඬුවම"

පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි සියයක්

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය පැය 24 දි මැතිවරණ පැමිණිලි සියයක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

"පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි සියයක්"