සා/පෙළ හැඳුනුම්පත් සැප්තැම්බරයේ අපේක්ෂකයන්ට

(කොළඹ, ලංකාපුවත්) – 2019 වර්ෂයේ පාසල් අයැදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් එළඹෙන සැප්තැම්බර් මස අවසන් වන විට ඔවුන්ගේ පෞද්ගලික ලිපින හරහා තැපැල් මාර්ගයෙන් ලබාදීමට බලාපොරොත්තු වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

"සා/පෙළ හැඳුනුම්පත් සැප්තැම්බරයේ අපේක්ෂකයන්ට"

මහනුවර ඇසළ පෙරහැරේ මහජන ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක්

(කොළඹ, ලංකාපුවත්) –අගෝස්තු 02 වැනිදා ආරම්භ වීමට නියමිත මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සූදානම්ව ඇති බවත් මෙවර පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහජන ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.

"මහනුවර ඇසළ පෙරහැරේ මහජන ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක්"

පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවට කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –අප්‍රේල් 21 ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවට කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – ජනපති"

ළමා නිවාසවල දරුවන්ට ආසන්නතම ජාතික පාසල

(කොළඹ, ලංකාපුවත්) –රජයේ ලියාපදිංචි සියලුම ළමා නිවාසවල දරුවන්ට ආසන්නතම ජාතික පාසලට ඇතුළුවීමට අවස්ථාව ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

"ළමා නිවාසවල දරුවන්ට ආසන්නතම ජාතික පාසල"

ධීවරයින් වෙනුවෙන් හදිසි ආරක්‍ෂක උපදෙස් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) –අයහපත් කාලගුණ තත්වය ලබන 24 දින දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හගවා ඇති බැවින් ධීවර රැකියාව සඳහා යන සියලු ධිවරයින් වෙනුවෙන් හදිසි ආරක්‍ෂක උපදෙස් මාලාවක් ඊයේ (22) සිට ලබාදීමට කටයුතු කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියයි.

"ධීවරයින් වෙනුවෙන් හදිසි ආරක්‍ෂක උපදෙස් මාලාවක්"

16 වසරකට පසු ලෝක දැල්පන්දු කිරුළ නවසීලන්තයට

(කොළඹ, ලංකාපුවත්) –වසර 16 කට පසු ලෝක කුසලාන දැල් පන්දු ශූරතාවය හිමිකර ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් ඊයේ (21) සමත් විය.

"16 වසරකට පසු ලෝක දැල්පන්දු කිරුළ නවසීලන්තයට"

යල කන්නයේ වගා හානි වන්දි සඳහා රු.මිලියන 556ක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය වර්ෂයේ(2018) යල කන්නයේ වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන පන්සිය පනස් හයක් වෙන් කර ඇති බවත් ඉන් අනුරාධපුර ගොවීන් වෙනුවෙන් මිලියන හැත්තෑ දෙකක් වැය කරනු ලබන බවත් කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා කියයි.

"යල කන්නයේ වගා හානි වන්දි සඳහා රු.මිලියන 556ක්"

විකට නළු වොලර්ඩෙමි ජනපතිවරණයේ ඉදිරියෙන්

(කොළඹ, ලංකාපුවත්) –යුක්‍රේන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති වොලර්ඩෙමි සෙලෙන්ස්කිගේ පක්ෂය ඉදිරියේන සිටින බව, මෙතෙක් නිකුත් වූ ඡන්ද ප්‍රතිඵල පෙන්වා දෙයි. විකට නළුවෙකු ලෙස පසුගිය අප්‍රේල් මාසයේ පැවති ජනාධිපතිවරණයට ඩොලර්ඩෙමි සෙලෙන්ස්කි ඉදිරිපත් විය.

"විකට නළු වොලර්ඩෙමි ජනපතිවරණයේ ඉදිරියෙන්"

චන්ද්‍රයාන් යානය කක්ෂගත කිරීම පස්වරුවේ

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 02‘ යානය අද (22) පස්වරුවේ අභ්‍යාවකාශගත කෙරේ.

"චන්ද්‍රයාන් යානය කක්ෂගත කිරීම පස්වරුවේ"

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

"බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට"