පාරිභෝගික නීති උල්ලංඝනය කරන්නේ නම් 1977ට කියන්න

(කොළඹ, ලංකාපුවත්) – යම් ව්‍යාපාරික ස්ථානයක හෝ යම් සේවා සපයන ස්ථානයක පාරිභෝගික නීති උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1977ට දැනුම් දෙන ලෙස  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා ජනතාවට දැනුම් දෙයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ දැනටමත් දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබෙන බවයි.

"පාරිභෝගික නීති උල්ලංඝනය කරන්නේ නම් 1977ට කියන්න"

අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට දීප ව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයේ වෙළෙඳ පොළ ගැටළු අවම කරමින් පාරිභෝගිකයා කූඨ වෙළෙඳුන්ගෙන් හා වංචනික සේවා සපයන්නන්ගෙන් ආරක්ෂා කරගැනීමට දීප ව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයදීන් මහතා පවසයි. මේ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සියලුම නිලධාරීන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.ඒ අනුව තොග කඩයේ සිට ජංගම වෙළෙඳුන් හා සේල් ස්ථාන පවා පරීක්ෂාවට ලක්කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

"අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට දීප ව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙලක්"

ආහාර ක්ෂේත්‍රයේ කර්මාන්ත කරුවන් සඳහා රජයෙන් සහන

(කොළඹ, ලංකාපුවත්) – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහල නැංවීම, හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහනට අනුව 2017 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රු. මිලියන 250 ට අඩු සහ සේව

"ආහාර ක්ෂේත්‍රයේ කර්මාන්ත කරුවන් සඳහා රජයෙන් සහන"

සමෘද්ධි බැංකු හරසර 2017 – නෙලුම් පොකුණේදී

(කොළඹ, ලංකාපුවත්) – දුප්පතුන් අවම කිරීමේ ජාතික මෙහෙයට උරදෙමින් වසර 20 ක් පමණ කාලයක් සුළු ණය සේවා සැපයීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන සමෘද්ධි ප්‍රජා මූල බැංකු ජාලයේ බැංකු 1074 ක් ඇගයීම හා සම්මාන ප්‍රදානය අප්‍රේල් මස 02 වන දින නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

"සමෘද්ධි බැංකු හරසර 2017 – නෙලුම් පොකුණේදී"

කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබෑමට සැළසුම්

(කොළඹ, ලංකාපුවත්) – කන්කසන්තුරේ වරායෙන් ඛණිජ තෙල් ගොඩබෑම සදහා ඉදිරියේ දී කටයුතු කරන බව ඛණීජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතට ඛණිජ තෙල් ප‍්‍රවාහනය කිරීම සදහා අධික පිරිවැයක් දැරීමට සිදු වන බවයි.

"කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබෑමට සැළසුම්"

යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනයට සැරසේ

(කොළඹ, ලංකාපුවත්) – ලොව විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා කැමැත්ත පළ කර ඇත. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ටන් ලායි මාර්ග් මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

"යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනයට සැරසේ"

මහජන බැංකු සමුහයේ බදුවලට පෙර ලාභය රු. බිලියන 25.4 ක් වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) – මහජන බැංකුව පසුගිය දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල පසුගියදා නිවේදනය කළේ ය. ඒ අනුව මහජන බැංකු සමුහය 2016 වසර අවසානයේ සිය ඉතිහාසයේ අතිවිශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරමින් රුපියල් බිලියන 25.4 ඉහළම බදු පෙර ලාභයක් ලබාගෙන ඇත. එමෙන්ම සමස්ත දළ ආදායම ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රු. බිලියන 144.7 ක් ලෙස සටහන් විය ( 2015 වසරේ රු. බිලියන 123.8 ක් වු මෙය 16.9% ක වර්ධනයකි.)

"මහජන බැංකු සමුහයේ බදුවලට පෙර ලාභය රු. බිලියන 25.4 ක් වාර්තා කරයි"

ලංකා සතොස අලෙවිසැල් ජාලය පුළුල් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – උසස් ප්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩුමිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එහි ප්‍රථම අලෙවි සැල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) කොහුවල නගරයේ දී විවෘත කෙරිණි.

"ලංකා සතොස අලෙවිසැල් ජාලය පුළුල් වෙයි"

බදු බර අඩුකර එහි වාසිය ජනතාවට දෙන බව මුදල් ඇමති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගොඩනැගෙන අන්තර්ජාතික ප්‍රතිරූපයේ වාසිය රටේ ජනතාවට ලැබෙන බවත් බදු බර හැකි ඉක්මනින් අඩු කර එහි වාසිය ජනතාවට ලබා දෙන බවත්  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි. ගෙවී ගිය වසර දෙකක පමණ කාලය තුළ මෙරට ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් ජාත්‍යන්තරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිරූපයක් මැවීමට සමත්ව ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකාවේ ඇතැම් අන්තවාදී දේශපාලනඥයන්ට එය අවබෝධ නොවුණ ජාත්‍යන්තර වශයෙන් එම පිළිගැනීම දැනටමත් ලැබී ඇති…

"බදු බර අඩුකර එහි වාසිය ජනතාවට දෙන බව මුදල් ඇමති පවසයි"

මුදල් අමාත්‍යවරයාට හිමි ‘ද බෑන්කර්’ සම්මානය 24දා

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ‘ද බෑන්කර්’සගරාව විසින් ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊට අදාළ සම්මානය ප්‍රදානය කිරීම ලබන (24) දින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ද බෑන්කර් සගරාවේ ප්‍රධාන මූලස්ථානයේ දී සිදු කෙරේ. ඒ සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හෙට…

"මුදල් අමාත්‍යවරයාට හිමි ‘ද බෑන්කර්’ සම්මානය 24දා"