කරන්නාගොඩගෙන් පැය 08ක ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, ඒ මහතා ගෙන් පැය අටක පමණ කාලයක ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

"කරන්නාගොඩගෙන් පැය 08ක ප්‍රකාශයක්"

අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද

(කොළඹ, ලංකාපුවත්) – අයවැය 2019 දෙවැනිවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (12) පාර්ලිමේන්තුවේ දී පැවැවේ.

"අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද"

ජවිපෙ – ටීඑන්ඒ 20 ගැන විශේෂ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) –විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සහ 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ටීඑන්ඒ සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක් අද(11) පස්වරු 2.00ට පැලවත්ත ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

"ජවිපෙ – ටීඑන්ඒ 20 ගැන විශේෂ සාකච්ඡාවක්"

අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිළු විහාරස්ථානයේ දොළොස් රියන් හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර, අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමළු විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දොළොස් රියන් හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යොත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(10) පස්වරුවේ පැවැත්විණි.

"අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිළු විහාරස්ථානයේ දොළොස් රියන් හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරයි"

සිරිකොත – ගමට වැඩසටහන ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – සිරිකොත ගමට වැඩසටහන කලුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) ආරම්භ කෙරුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩසටහන සමඟ එක්වූයේ පානදුර ප්‍රදේශයේදීයි.

"සිරිකොත – ගමට වැඩසටහන ඇරඹේ"

බොරැල්ල OIC අනතුර සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) – බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ජීවිතය අහිමි කළ අනතුර සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කෙරෙන බව පොලීසිය පවසයි.

"බොරැල්ල OIC අනතුර සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව"

උඩු ගුවන ජයගෙන ලාංකික කාන්තාවන් වාර්තාවක් තබයි

(කොළඹ, ලංකාපුවත්) – ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම සම්පූර්ණ කාන්තා කර්ය මණඩළයක් සහිතව ගුවන් ගමනක් සඳහා එක්ව තිබේ.

"උඩු ගුවන ජයගෙන ලාංකික කාන්තාවන් වාර්තාවක් තබයි"

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි: “සුහුරු කතක් – සොඳුරු ලොවක්”

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 අද දිනට යෙදී තිබේ. ලොව පුරා කාන්තාවන්ගේ අයිතීන් සුරැකෙන හා ඒ සම්බන්ධයෙන් විශේෂ කථිකාවක් සිදුවන දිනයක් ලෙස ද කාන්තා දිනය හැදින්විය හැකිය.

"ජාත්‍යන්තර කාන්තා දිනය අදයි: “සුහුරු කතක් – සොඳුරු ලොවක්”"

අල්ලසට තිත පස් අවුරුදු සැලැස්ම 18දා එළිදකී

(කොළඹ, ලංකාපුවත්) – අල්ලස- දූෂණය වපුරන රාජ්‍ය-පෞද්ගලික අංශයේ නිලධාරීන්, දේශපාලනඥයන් ඇතුළු සියලුදෙනා නීතියේ රැහැනට කොටුකර ගැනීමට සැකසූ නව පස් අවුරුදු ජාතික සැලැස්ම මේ 18දා එළිදකී.

"අල්ලසට තිත පස් අවුරුදු සැලැස්ම 18දා එළිදකී"

පසුගිය වසර හතරේ රාජ්‍ය සේවක වැටුප් 107%කින් වැඩිකළා

(කොළඹ, ලංකාපුවත්) – වසර 2015 සිට අවුරුදු හතරක කාලය තුළ රාජ්‍ය සේවක වැටුප් සියයට 107කින් වැඩිකොට තිබියදීත්, මෙවර අයවැයෙන් ඊටත් අමතරව ඔවුනගේ වැටුප් වැඩිකළ බව මුදල් ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

"පසුගිය වසර හතරේ රාජ්‍ය සේවක වැටුප් 107%කින් වැඩිකළා"