එකිනෙකාට ගරු කරමින් නිදහසේ අරුත පුළුල් කර ගනිමු – අගමැති මහින්ද රාජපක්ෂ

(කොළඹ, ලංකාපුවත්) – එකිනෙකාට ගරු කරන අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්තනයක් ඇසුරෙන් නිදහසේ අරුත තවත් පුළුල් කර ගත හැකි බව, 74 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"එකිනෙකාට ගරු කරමින් නිදහසේ අරුත පුළුල් කර ගනිමු – අගමැති මහින්ද රාජපක්ෂ"

74 වැනි නිදහස අදයි

(කොළඹ, ලංකාපුවත්) – ‘අභියෝග ජය ගත් ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යවත් මව්බිමක්’ තේමාව කොට ගත් ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දින සැමරුම් උලෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (04) උදේ අභිමානවත්ව පැවැත්වේ.

"74 වැනි නිදහස අදයි"

නව සුළං බලාගාර ඉදි කළ හැකි ස්ථාන ගැන සොයා බැලීමට ජනපතිගෙන් උපදෙස්

(ලංකාපුවත් | කොළඹ) – නව සුළං බලාගාර ඉදි කළ හැකි ස්ථාන පිළිබඳ වාර්තාවක් කඩිනමින් සකසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලි බලධාරීන්ට ඊයේ (02) උපදෙස් දුන්නේය.

"නව සුළං බලාගාර ඉදි කළ හැකි ස්ථාන ගැන සොයා බැලීමට ජනපතිගෙන් උපදෙස්"

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමට ඉන්දියාවෙන් දෙන ඩොලර් මිලියන 500ක ගිවිසුමට අත්සන් කරයි

(ලංකාපුවත් | කොළඹ) – ඛණිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සදහා ශ්‍රී ලංකා රජයට ඇමෙරිකා ඩොලර් මිලියන 500 ක කෙටි කාලීන ණය ලබා ගැනීම සදහා වූ ගිවිසුම් අද(02) අත්සන් තැබුනි.

"ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමට ඉන්දියාවෙන් දෙන ඩොලර් මිලියන 500ක ගිවිසුමට අත්සන් කරයි"

ලබන සඳුදා සිට දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු

(ලංකාපුවත් | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් පෙබරවාරි මස 07 වනදා සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

"ලබන සඳුදා සිට දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු"

නව රාජ්‍යතාන්ත්‍රිකයින් අක්තපත්‍ර භාරදෙයි

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකාවට අලුතින් පත් ව පැමිණි තානාපතිවරු 07 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 02 දෙනෙක් ඊයේ(01) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

"නව රාජ්‍යතාන්ත්‍රිකයින් අක්තපත්‍ර භාරදෙයි"

ලිත් නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්

(ලංකාපුවත් | කොළඹ) –දිවිනැඟුම ගොවි ලිත මුද්‍රණය කිරීමෙන් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා ලැබ සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (01) නියෝග කළේය.

"ලිත් නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්"

පෙබරවාරි 04 දක්වා විදුලි කප්පාදුවක් නෑ – මහජන උපයෝගිතා කොමිෂන් සභාව

(ලංකාපුවත් | කොළඹ) – පෙබරවාරී මාසය තුල විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගත හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

"පෙබරවාරි 04 දක්වා විදුලි කප්පාදුවක් නෑ – මහජන උපයෝගිතා කොමිෂන් සභාව"

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට කේම්බ්‍රිජ් සරසවියෙන් ශිෂ්‍යත්ව

(ලංකාපුවත් | කොළඹ) –අඩු ආදායම් ලාභී ශ්‍රී ලාංකිකයන් සඳහා ශිෂ්‍යත්ව පාඨමාලා ලබාදීමට සහ උපාධි, ආචාර්ය උපාධි සඳහා කෙටි පාඨමාලා ලබාදීමට එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල (Cambridge University) ප්‍රධානීන් සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අතර පැවති සාකච්ඡාවක දී එකඟතා ඇතිකර ගෙන තිබේ.

"අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට කේම්බ්‍රිජ් සරසවියෙන් ශිෂ්‍යත්ව"

සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර

(ලංකාපුවත් | කොළඹ) – පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කර තිබේ.

"සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර"