ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට යථාර්ථයක්වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට වැඩසටහන හා 2021 අය-වැය යෝජනා යථාර්ථයක්වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(03) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

"ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට යථාර්ථයක්වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවයි"

මව්බිම ත්‍රස්තවාදයෙන් මුදාගත් නිසා නින්දාවටත්, අපහාසයටත් පත්වු හමුදාවක් ලෝකයේම නැහැ

(කොළඹ, ලංකාපුවත්) – මව්බිම ත්‍රස්තවාදයෙන් මුදාගත් නිසා ශ්‍රී ලංකා හමුදාව තරම් නින්දා අපහාසයට ලක්වූ තවත් හමුදාවක් ලෝකයේම නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

"මව්බිම ත්‍රස්තවාදයෙන් මුදාගත් නිසා නින්දාවටත්, අපහාසයටත් පත්වු හමුදාවක් ලෝකයේම නැහැ"

බංග්ලාදේශ මහ කොමසාරිස් හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam ) සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මොහොමඩ් හස්රත් අලි ඛාන් (Mohammad Hazrat Ali Khan ) යන මහත්වරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විජේරාම නිවසේදී ඊයේ (02) හමුවිය.

"බංග්ලාදේශ මහ කොමසාරිස් හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්"

ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවලට මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී හොදින් මුහුණ දිය හැකියි

(කොළඹ, ලංකාපුවත්) – මානව හිමිකම් කඩ කළ බවට ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේදී  ඉතා හොදින් මුහුණ දීමට හැකියාව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් දිය යුතු පිළිතුරු අවශ්‍ය වේලාවේදි ලබා දෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ,සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

"ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවලට මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී හොදින් මුහුණ දිය හැකියි"

සිව් දිනක් තුළ 95,550 කට කොවිඩ් එන්නත

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භ වූ පසුගිය 29 වනදා සිට මේ දක්වා 95,550 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

"සිව් දිනක් තුළ 95,550 කට කොවිඩ් එන්නත"

‘කිඹුලාඇලේ ගුණා‘ චෙන්නායිවලදී පොලිස් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණා නමැත්තා චෙන්නායි ගුවන් තොටුපලේදී තමිල්නාඩු Q ශාඛා පොලිසිය විසින් ඉරිදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරයි.

"‘කිඹුලාඇලේ ගුණා‘ චෙන්නායිවලදී පොලිස් අත්අඩංගුවට"

නැගෙනහිර පර්යන්තය, වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය යටතේ පවත්වාගෙන යාමට කැබ්නට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත බහලු පර්යන්තයක් ලෙස මෙහෙයුම් පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

"නැගෙනහිර පර්යන්තය, වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය යටතේ පවත්වාගෙන යාමට කැබ්නට් අනුමැතිය"

රුසියාවේ ස්පුට්නික් එන්නත ලබා ගැනීමේ සාකච්ඡා

(කොළඹ, ලංකාපුවත්) –රුසියාවේ නිෂ්පාදනය කෙරෙන ස්පුට්නික් කොවිඩ් මර්ධන එන්නත ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සම්බන්ධයෙන් ඉදිරි දිනවල දී සාකච්ඡාවන් කිහිපයක් පැවැත්වෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

"රුසියාවේ ස්පුට්නික් එන්නත ලබා ගැනීමේ සාකච්ඡා"

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙ හෝ බදු දෙන්නෙ නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමක් හෝ බදු දීමක් සිදුනොවන අතර එය රජයේ පාලනය යටතේ පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙ හෝ බදු දෙන්නෙ නැහැ – අගමැති"

කොවිඩ් එන්නත්කරණය පිළිබඳ සෞඛ්‍ය ඇමතිනිය සතුට ප්‍රකාශ කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ඊයේ (28) දින ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත, ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ ආරක්ෂක සේවාවන් සදහා අද (29) ලබාදීමේ කටයුතු ආරම්භ කිරීමට ලැබීම පිළිබදව තමා ඉතා සතුටට පත්වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

"කොවිඩ් එන්නත්කරණය පිළිබඳ සෞඛ්‍ය ඇමතිනිය සතුට ප්‍රකාශ කරයි"