තොරතුරු අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය අන්තර්ජාලයට

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවනාගාරයේ දී අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය වන www.statemediaministry.gov.lk අන්තර්ජාලයට මුදාහැර තිබේ.

"තොරතුරු අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය අන්තර්ජාලයට"

නව සන්ධානයේ ලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) – සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයේ ලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට, එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිව ඇත.

"නව සන්ධානයේ ලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර"

සමන් රත්නප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – සමන් රත්නප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානයක කරු ජයසූරිය මහතා ඉදිරියේ අද (05) දිවුරුම් දීම සිදු විය.

"සමන් රත්නප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි"

රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ හා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයෝ පත් කරති

(කොළඹ, ලංකාපුවත්) – රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ හා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන් පත් කර තිබේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (1) හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ තේරීම් කාරක සභාව විසින් රජ‍යේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පත් කරනු ලැබීය . ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම පාර්ලිමේන්තුවේදී අද (05) සිදු විය.

"රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ හා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයෝ පත් කරති"

එච්.ඩි.ඊ ගුණසේකරගේ “රූපවාහිනි ප්‍රවෘත්ති න්‍යාය හා ව්‍යවහාරය කෘතිය” එළි දකී

(කොළඹ, ලංකාපුවත්) – කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළීබද දර්ශනපති උපාධිධාරියෙකු වන එච්.ඩි.ඊ ගුණසේකර විසින් රචිත,“රූපවාහිනි ප්‍රවෘත්තින්‍යාය හා ව්‍යවහාරය කෘතිය” එළි දකී.

"එච්.ඩි.ඊ ගුණසේකරගේ “රූපවාහිනි ප්‍රවෘත්ති න්‍යාය හා ව්‍යවහාරය කෘතිය” එළි දකී"

හෙට දිවයිනේ මාංශ අලෙවි සැල් සහ සුරාසැල් වැසේ

(කොළඹ, ලංකාපුවත්) – සියලු මස් මාංශ අලෙවිසැල් , සුරාසැල් හා අනෙක් සියලු මත්පැන් අලෙවි මධ්‍යස්ථානද හෙට (04) වසා තැබිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.

"හෙට දිවයිනේ මාංශ අලෙවි සැල් සහ සුරාසැල් වැසේ"

විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයක් වුහාන් බලා පිටත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ වූහාන්හි රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එම නගරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද(31) සවස්වරුවේ පිටත්ව ගොස් ඇත.

"විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයක් වුහාන් බලා පිටත් වෙයි"

ප්‍රමිතියෙන් තොරව ගෙන් වූ මුහුණු ආවරණ 34000 ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවෙන් සහ චීනයෙන් ශ්‍රී ලංකාවටආනයනය කෙරුණු ප්‍රමිතියෙන් තොර මුහුණු ආවරණ 34000 ක් පාරිභෝගික අධිකාරිය මගින් පිටකොටුවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

"ප්‍රමිතියෙන් තොරව ගෙන් වූ මුහුණු ආවරණ 34000 ක් අල්ලයි"

සෞඛ්‍ය ව්‍යාපෘති ප්‍රගතිය බැලීමට ලෝක බැංකු ප්‍රධානියෙක් ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ලෝක බැංකුවේ ණය සහන මත ඇමරිකානු ඩොලර් මිලියන 200ක වියදමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති හැඩිවික් ෂැපර් මහතා අද (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

"සෞඛ්‍ය ව්‍යාපෘති ප්‍රගතිය බැලීමට ලෝක බැංකු ප්‍රධානියෙක් ශ්‍රී ලංකාවට"

රියදුරු බලපත්‍ නිකුත් කිරීම හෙට තාවකාලිකව නවතයි

(කොළඹ, ලංකාපුවත්) – රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට(01) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

"රියදුරු බලපත්‍ නිකුත් කිරීම හෙට තාවකාලිකව නවතයි"