මුදල් ඇමති මංගල අමෙරිකාවට යයි

(කොළඹ, ලංකාපුවත්) – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හෙට (11) දිනයේ අමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතය. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදීමට නියමිතව තිබියදී නතර කෙරුණු ණය වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් එහි නියෝජිතයන් සමග සාකච්ඡා කිරීම සඳහා ය.

"මුදල් ඇමති මංගල අමෙරිකාවට යයි"

විහාරස්ථාන 60 කට පූජා භූමි ඔප්පු

(කොළඹ, ලංකාපුවත්) – සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන සදහා පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ විහාරස්ථාන 60 කට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

"විහාරස්ථාන 60 කට පූජා භූමි ඔප්පු"

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ අභියෝගයට ඇමති අකිලගෙන් ප්‍රතිචාර

(කොළඹ, ලංකාපුවත්) – 2018 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙස හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (08) සිදු කරන ලද අභියෝගයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (09) ප්‍රතිචාර දක්වනු ලැබීය.

"හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ අභියෝගයට ඇමති අකිලගෙන් ප්‍රතිචාර"

දේශසීමා තාප්පය සෑදීමට සහාය දෙන්න – ට්‍රම්ප් ජාතිය අමතයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරීම සදහා සහාය දෙන්නැයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් ඉල්ලා සිටියි.

"දේශසීමා තාප්පය සෑදීමට සහාය දෙන්න – ට්‍රම්ප් ජාතිය අමතයි"

සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – සුරක්ෂා රක්ෂණාවරනයේ ප‍්‍රතිලාභ වැඩිකිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි. රජයට අවම වියදමක් දරා සිසුන්ට වැඩි ප‍්‍රතිලාභ හිමිවන පරිදි නව යෝජනා ඇතුළත් කිරිම අරමුණ වේ.

"සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ඉහළට"

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120 වැනි ඡන්ම දින සැමරුම් උත්සවය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වූ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120 වැනි ඡන්ම දින සැමරුම් උත්සවය අද (08) පෙරවරුවේ ගාලූ මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියස දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

"බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120 වැනි ඡන්ම දින සැමරුම් උත්සවය"

විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

"විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය"

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ජනාධිපති කාර්යාලයේ දී

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත් ව සිව් වසරක් සපිරීම නිමිත්තෙන් සහ ඉදිරි කටයුතුවලට ආශිර්වාද පළ කරමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ (07) රැය පහන්වන තුරු ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

"සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ජනාධිපති කාර්යාලයේ දී"

සනීපාරක්ෂක පහසුකම් නොමැති සෑම පාසලකටම මේ වසර තුළ එම පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) – සනීපාරක්ෂක පහසුකම් නොමැති සෑම පාසලකටම මේ වසර තුළ එම පහසුකම් ලබාදීම සදහා මුදල් වෙන් කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

"සනීපාරක්ෂක පහසුකම් නොමැති සෑම පාසලකටම මේ වසර තුළ එම පහසුකම්"

බණ්ඩාරනායක ජන්ම දින සැමරුම ගාලුමුවදොර දී

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මෙන්ම ආසියාවේ රිදී සීනුව විරුදාවලිය ලද දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120වැනි ජන්ම දින සැමරුම අද (08) පෙරවරුවේ ගාලූමුවදොර බණ්ඩාරනායක ප්‍රතිමාව අභියස දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

"බණ්ඩාරනායක ජන්ම දින සැමරුම ගාලුමුවදොර දී"