අගමැති යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (19) අලූයම දිවයිනට පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසීය.

සිංප්පූරුවේ සිට පැමිණි ඊ කේ 349 දරණ යානයෙන් අලූයම 1.55ට පමණ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණ ඇත.

අග‍්‍රාමාත්‍යවරයාගේ වියට්නාම නිල සංචාරය අවසන් වීමට නියමිතව තිබුණේ අද මධ්‍යම රාත‍්‍රියෙනි.

එහෙත් මීතොටමුල්ල කසළ කන්දේ ඛේදවාචකය හේතුවෙන් සංචාරය කෙටි කිරීමට තීරණය කෙරුණි.

මේ අතර මීතොටමුල්ල කසල කන්ද නායයෑමේ සිද්ධිය පිළිබදව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *