උතුරු කොරියාවට ශ්‍රී ලංකාවෙන් රතු එළියක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාව සිදුකරන න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළා දකින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රෙගුලාසිවලට එය පටහැනි බවත් කලාපයේ සාමයට හා ස්ථාවරත්වයට ගැටලු ඇති කරන්නක් බවත් එම නිවේදනයේ සදහන් වේ.

උතුරු කොරියාව පිළිබඳව ජාත්‍යන්තරව ගන්නා ක්‍රියාමාර්ගවලට එකඟ වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *