31 හැවිරිදි ඡායාරූප ශිල්පියෙක් සඳට යයි

(කොළඹ, ලංකාපුවත්) –31 හැවිරිදි Zhao Pu සංචාරක ඡායාරූප ශිල්පියෙකි. සඳට යෑම ඔහුගේ සිහිනයක් වී තිබිණ. ඒ සඳහා ඔහු අපූරු උපක්‍රමයක් සොයා ගත්තේය.

චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ Suhongtu ප්‍රදේශයේ ඇති Gobi කාන්තාරයේ ස‍ඳෙහි මතුපිටට හා සමාන ලක්ෂණයන් දකින්න තිබෙන බව ඔහුට දැන ගැනීමට ලැබිණ.

පසුව ඔහු අන්තර්ඡාලය ඔස්සේ, ඇ.ඩො.40ක් වියදම් කර අභ්‍යාවකාශ ඇඳුමක් මිළදී ගත්තේය. ඉන් පසු සිදු වූ දෙය ඡායාරූපය නැරඹීමෙන් ඔබට සිතා ගත හැකිය. කෙසේ හෝ ඔහුගේ සඳට යෑමේ සිහිනය සැබෑ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *