මෙරට ධීවර පවුල් පිළිබඳ සංගණනයක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ධීවර පවුල් පිළිබඳ සංගණයනක් සිදු කිරිමට ධීවර අමාත්‍යංශය තීරණය කර ඇත.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ධීවර දෙපාර්තමේන්තුවට මීට අදාළ උපදෙස් ලබාදී ඇති බව ධීවර අමාත්‍යංශය පැවසීය.

මීට පෙර මෙරට තුළ ධීවර සංගණනයක් සිදු කර ඇත්තේ 1976 වසරේදී ය.

ඒ අනුව වසර 41කට පසුව මෙම වසරේදී ධීවර සංගණනය සිදු කිරිමට තීරණය කර තිබේ.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ධීවර අමාත්‍යංශය විසින් මෙම සංගණනය සිදු කිරිමට නියමිතය.

ඒ අනුව මෙරට තුළ ජිවත් වන ධීවර පවුල් සංඛ්‍යාව කොපමණ ද එම පවුල්වල අධ්‍යාපන හදාරන වයසේ ළමුන් සහ වෘත්තිමය ගැටළු පිළිබඳව මෙම සංගණනයේදී විශේෂ අවධානයක් යොමු කිරිමට නියමිතය.

මීට අමතරව 1976 සිට මේ දක්වා කාලය තුළ මෙම පවුල්වල ජිවන තත්ත්වය උසස් මට්ටමක පවතින්නේ ද යන්න ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙම සංගණනයේදී අවධානය යොමු කිරිමට නියමිත බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම වසර අවසන් වන විට එම සංගණන කටයුතු අවසන් කිරිමට කටයුතු කිරීඹට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *