කෑගල්ලේ සමූපකාර සහකාර කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – කෑගල්ල දිස්ත්‍රික් සමූපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ සහකාර කොමසාරිස්වරයාට නාඳුනන පුද්ගලයෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊයේ(13) සවස මෙය සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි. විවෘත කර තිබු ජනේලයකින් එන්නත් ලබා දීමට භාවිතා කරන සිලින්ජරයක් භාවිතා කරමින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇත.

මෙම ප්‍රහාරයෙන් මුහුණ ප්‍රදේශය තුවාල ලැබු සහකාර කොමසාරිස්වරයා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳව කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *