බැංකොක් නුවර බෝම්බ පිපිරීම් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ බැංකොක් නුවර ස්ථාන 06ක බෝම්බ පිපිරීම් මාලාවක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රජයේ කාර්යාලයක් අසල එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර නගරයේ විවිධ ස්ථනවල අනෙකුත් පිපිරීම් සිදුව ඇති බවයි.

ගිනිකොණ දිග ආසියානු රටවල විදේශීය අමාත්‍යවරුන්ගේ කලාපීය සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර මෙම පිපිරීම් සිදුවීම විශේෂත්වයකි.

පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවට ද මාධ්‍ය වාර්තා කර ඇත. මෙම තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකු වීථිය පිරිසිදු කරන කාන්තාවන් බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *