පොළොන්නරුව දිසා රෝහලත් ඩිජිටල්කරණය වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ රෝගී ප්‍රතිකාර සේවාවන් ඩිජිටල් කරණය කෙරේ.

මෙම ඩිජිටල්කරණ වැඩසටහන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යපෘතිය යටතේ සිදු කර ඇත. තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සැපයීම ඒ යටතේ සිදු කර තිබේ.

මේ අනුව රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාකෝඩ් පතක් ලැබෙන අතර මේ නිසා රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළු සියළු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකිවේ.

එසේම නැවත වරක් රෝගියාට රෝහල් ගතවීමට සිදු වුව‍හොත් රෝගී ඉතිහාසය පිලිබද දත්ත බාකෝඩ් අංකය යටතේ වාර්ථා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එය පරිශීලනය කිරීමට හැකිවේ.

තවද සාමාන්‍ය පරිදි මෙතෙක් කලක් සිදු කෙරුණු රෝගීන්ගේ එක්ස් රේ ගැනීමේ කටයුතු මින් ඉදිරියට ඩිජිටල් කරණය කිරීම නිසා විනාඩි කිහිපයක් තුලදී ඉතාමත්ම ගුණාත්මක බවින් ඉහළ එක්ස් රේ පතක් නිරීක්ෂණය කිරීමේ හැකියාව වෛද්‍යවරයාට ලැබේ.

රෝගීන්ට ‍බෙහෙත් නිකුත් කිරීම සහ රෝහලේ ඖෂධ තොග කළමණාකරණය කිරීමද මෙම ඩිජිටල්කරණය ඔස්සේ සිදුකිරීමද විශේෂත්වයකි.

මේ වන විට දිවයිනේ රෝහල් 40 කට පමණ මෙම මෙම ඩිජිටල්කරණ වැඩසටහන හදුන්වා දී ඇතැයි ද එම කටයුතු ඉතා සාර්තකව සිදුවන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඞසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා සදහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.කේ සම්පත් ඉන්දික කුමාර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත් ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරන්න්‍යා සමරසේකර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *