සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කමට වසර 20යි

(කොළඹ, ලංකාපුවත්) –කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම දිනා වසර විස්සක් සපිරීම නිමිත්තෙන් ඉදි කෙරෙන ඔලිම්පික් පදක්කමේ සමරු ඵලකයක් සඳහා මුල්ගල තැබීම පසුගියදා සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සහභාගීත්වයෙන් වරකාපොළ ඇත්නාවල පර්ෂද මූලස්ථ මහ විද්‍යාලයේදී පැවැත්විණි.

මේ උත්සවය ඇය දෙවැනි වරට අධ්‍යාපනය ලැබූ ඇත්නාවල මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය, විදුහල්පතිනියගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කර තිබූ අතර, ඇය දිනාගත් ඔලිම්පික් පදක්කමේ සමරු ඵලකයක් නිර්මාණය කිරීම සඳහා පාසලේ පිවිසුම් දොරටුව අසල මුල්ගල තැබීමෙන් අනතුරුව විදුහලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැලඳවීම ද සිදු කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවැසුවේ තමා ක්‍රීඩාවෙන් යෑමට ඇති උපරිම තැනට ගිය බවත්, ඒ ලැබූ ජයග්‍රහණය හා සමාන සේවයක් මාතෘ භූමිය වෙනුවෙන් කිරීම තම ආශාව බවත්ය.

“මම ක්‍රීඩාවේ යන්න තියෙන උපරිම තැනට ගියා. සම්බන්ධතා ඇති කර ගත්තා. ක්‍රීඩාව වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියල බැලුවා. මට අවශ්‍ය උනා මම ලබපු ජයග්‍රහණ හරහා ඒ ඇති කර ගත්තු සම්බන්ධතා එක්ක මගේ ගමට ප්‍රදේශයට වගේම රටට සේවයක් කරන්න. මං ආසයි ලබපු ජයග්‍රහණය හා සමාන සේවයක් මගේ මාතෘ භූමියට කරන්න” සුසන්තිකා කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *