ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ඇල්බමයක්

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (24) ශ්‍රී ලංකාවේ දෙදින සාර්ථක නිල සංචාරයකින් පසු පාකිස්තානය බලා පිටත්ව ගියේය.

එහිදී ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සකස්කළ වීඩියෝ පටයක් සහ ඡායාරූප ඇල්බමයන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා දිවයිනෙන් පිටත්ව යාමට පෙර බණ්ඩාරනායක ගුවන් තොටුපලේ දී ලබා දුන්නේය.

මෙම අවස්ථාවට මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව යන මහත්වරු ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *