කොළඹ විශේෂ මෙහෙයුමෙන් රථවාහන වැරදි 79ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ ඊයේ(04) දින ක්‍රියාත්මක වූ නීති කඩන රථවාහන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් විශේෂ මෙහෙයුමේ දී විවිධ රථවාහන වැරදි 79ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"කොළඹ විශේෂ මෙහෙයුමෙන් රථවාහන වැරදි 79ක් අල්ලයි"

රට පාලනය කළ යුත්තෙ මධ්‍යම පාන්තිකයනුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රටක පොහොසතුන් සිටිය යුතු නමුත් ඔවුන් රට පාලනය නොකළ යුතු බවත් රට පාලනය කළ යුත්තෙ මධ්‍යම පාන්තිකයින් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"රට පාලනය කළ යුත්තෙ මධ්‍යම පාන්තිකයනුයි – ජනපති"

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –2017 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

"රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ"

සාමාන්‍ය පෙළ අයදුම්පත් අද සිට කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද(04) සිට ආරම්භ කර ඇති බව විභාගදෙපාර්තමේන්තුව පවසයි.

"සාමාන්‍ය පෙළ අයදුම්පත් අද සිට කැඳවයි"

වියළි කාලගුණය හේතුවෙන් මිලියනයක පිරිසක් පීඩාවට

(කොළඹ, ලංකාපුවත්) – වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 14ක පවුල් 275,778කට අයත් පුද්ගලයන් 1,011,406ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

"වියළි කාලගුණය හේතුවෙන් මිලියනයක පිරිසක් පීඩාවට"

කුමාරසිංහ මහත්මියට තීරුබදු රහිතව දුන් වාහනයට අදාළ බදු මුදල් අය කර ගන්න – කැෆේ ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය  ‘රිට්‌’ ආඥවක්‌ නිකුත් කරමින් ඇය  පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු ලෙස සලකා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහෝසි කිරීම නිසා  ඇය වෙත තීරු  බදු සහන යටතේ නිකුත් කර තිබූ වාහනය සඳහා අදාල බදු මුදල් වහාම අයකරගැනීමට කටයුතු කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.

"කුමාරසිංහ මහත්මියට තීරුබදු රහිතව දුන් වාහනයට අදාළ බදු මුදල් අය කර ගන්න – කැෆේ ඉල්ලයි"

රණවිරුවන්ගේ සුබ සාධනය ජනපති නියමයෙන් ඉහළ දැමීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – රණවිරුන්ගේ සුබ සාධනය, ඔවුන් කළ සේවය ඇගයීම, ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ ඉහළ දැමීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (03) ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී සොයා බැලුවේය.

"රණවිරුවන්ගේ සුබ සාධනය ජනපති නියමයෙන් ඉහළ දැමීමට පියවර"

ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බව අභියාචනාධිකරණය ප්‍රකාශ කරයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නැති බව අභියාචනාධිකරණය අද(03) ප්‍රකාශයට පත් කළේය.

"ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බව අභියාචනාධිකරණය ප්‍රකාශ කරයි"

වර්ජනවලට මුහුණ දෙන්න සූදානම් – අමාත්‍ය රාජිත

(කොළඹ, ලංකාපුවත්) – රජය පෙරළා දැමීමේ අරමුණින් සිදු කරන වර්ජනවලට මුහුණ දීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"වර්ජනවලට මුහුණ දෙන්න සූදානම් – අමාත්‍ය රාජිත"

ප්‍රමිත වෙනුවට තිළිණ බණ්ඩාර තෙන්නකෝන්

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් කී‍්‍රඩා, කර්මාන්ත, තරුණ කටයුතු, කාන්තා කටයුතු හා ග‍්‍රාම සංවර්ධන අමාත්‍ය ධුරයට තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ.

"ප්‍රමිත වෙනුවට තිළිණ බණ්ඩාර තෙන්නකෝන්"