ආපදාවට පත් ප්‍රදේශවල ඉන්ධන සැපයුම අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) – ආපදාවට පත් ප්‍රදේශවල ඉන්ධන සැපයුම අඛණ්ඩවවට පත් ප්‍රදේශවල ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කරන්නැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් දෙයි.

සී. පී. එස්. ටී. එල්. ආයතනයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ආපදාවට පත් වූ ප්‍රදේශවලට අඛණ්ඩව ඉන්ධන සැපයීම සොයා බැලීම අරමුණු කර ගනිමින් මෙම හදිසි සාකච්ඡාව කැඳවීය.

එහිදී අනාවරණය වූයේ වලස්මුල්ල, මිද්දෙනිය, මාතර, කිරම, හක්මන, අගුණුකොළපැලැස්ස, අම්බලන්තොට, ගාල්ල, රුවන්වැල්ල, හොරණ, කිතුල්ගල, දැරණියගල, තලංගම සහ කොලොන්නාව යන ප්‍රදේශවලට ඉන්ධන සැපයීමේදී ඊයේ වන විට බාධා පැමිණ තිබූ බවයි.
කෙසේනමුත් අද මධ්‍යහනය වන විට එම ප්‍රදේශවලට අවශ්‍ය තරම් ඉන්ධන සැපයීමට හැකි වූ බවද සී. පී. එස්. ටී. එල්. ආයතනයේ බෙදා හැරීමේ කළමනාකරු ඩබ්ලිව්. එම්. ටී. ඩබ්ලිව්. ඒ බණ්ඩාර මහතා පැවසීය. ත්‍රිවිධ හමුදාව ඇණවුම් කර ඇති සියලුම ඉන්ධන තොග අදාල ස්ථාන වෙත බෙදා හැරීමද මේ වන විට අවසන්ව තිබේ.

මෙම සාකච්ඡාවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේ ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයක් යටතේ අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බවයි. ඒ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසන ලෙසද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා . පී. එස්. ටී. එල්. ආයතනයට උපදෙස් දුන්නේය.

“ඉදිරියේදී ඇති විය හැකි නරකම තත්ත්වය හඳුනාගෙන ඊට මුහුණ දීමට අපි දැන්ම සූදානම් විය යුතුයි. එවැනි සූදානමක් නොමැති වුවහොත් අපේ ඉන්ධන බෙදා හැරීම අසාර්ථක වෙන්න පුළුවන්. මේ වන විටත් ඇතැම් ඉන්ධන පිරුවුම් හල්වලට ප්‍රවේශ වීමේ හැකියාව තවමත් නැහැ. ඉන්ධන පිරුම්හල් කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී තිබෙනවා. කෙසේනමුත් විකල්ප මාර්ග සහ විකල්ප ක්‍ර‍ම යොදා ගනිමින් ආපදාවට පත් ප්‍රදේශවලට ඉන්ධන අඛණ්ඩව සැපයීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ආපදා තත්ත්වය නිසා අප අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයින් සහ පවුල් හඳුනාගෙන ආයතනික මට්ටමින් ඔවුන්ට සහන සැලසීමටත් අපි කටයුතු කරනවා…” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සියලුම ආයතනවල ප්‍ර‍ධානීන් හෙට දිනයේ අමාත්‍යාංශයට කැඳවන්නැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *