තද වැසි ඇතිවුවහොත් අවදානම් කලාපවල ජනතාව විමසිලිමත් වන්න

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි පැය 24තුළ තද වැසි ඇති වුවහොත් අවදානම් කලාපවල වෙසෙන ජනතාව, තවදුරටත් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දීමක් කරනු ලැබේ.

එවැනි අවස්ථාවක කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවිය යුතු බව එම මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනුයේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බවත් විශේෂයෙන් කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මි.මි. 100 ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් ය.

අද(02) දිනයේ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක් දුරට වර්ධනයක් බලාපොරොත්තුවේ.

එසේම නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් විශේෂයෙන් සවස්කාලයේදී වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සඳහන්ය.

වැසි ඇතිවන අවස්ථා වලදී දිවයින හරහාවිටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *