“එක් තීරුවක් – එක් මාවතක්”ව්‍යාපෘතිය ණය උගුලක් නොවේ – චීනය කියයි

(කොළඹ, ලංකාපුවත්) – පෙර අපර දෙදිග යා කෙරෙන ඉපැරණි සේද මාර්ගය නැවත පණ ගන්වන “එක් තීරුවක් – එක් මාවතක්” යෝධ ව්‍යාපෘතිය ණය උගුලක් නොවන බව චීනය අවධාරණය කරයි.

ඊයේ බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී චීනයේ ජාතික සංවර්ධන ප්‍රතිසංස්කරණ කොමිසමේ නියෝජ්‍ය සභාපති නින් ජිෂේ මේ බව පැවසීය.

ගොඩනගන චීනයේ නූතන සේද මාර්ගයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60ක් පමණ එක්ව සිටියි.

මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ බොහෝ රටවල් ණය බරින් පෙළීම පිළිබඳව බටහිර ආර්ථික විශ්ලේෂකයන්ගේ විවේචනයට ලක්වේ.

විශේෂයෙන් ෆෝබ්ස් සඟරාව පෙන්වා දුන්නේ අදාළ රටවල් ණය උගුලකට හසු කර ගැනීමට චීනය කටයුතු කරන බවයි.

නමුත්, මෙම රටවල් සිය ව්‍යාපෘතිය ඇරඹීමට පෙරම ණය බරින් පෙළුණු රටවල් බව චීනය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *