වැසි තත්ත්වය ඉදිරියටත්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ පවතින වැසි තත්ත්වය අද (08) හා හෙට දිනයේදි තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නැගෙනහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100පමණ තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකිය. එසේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *