සුනඛයින් දෙදෙනෙකුට තැබූ නම් දෙකක් නිසා සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) –’චෙන්ග්ගොන්’ (Chengguan) සහ ‘ෂිගොන්’ (Xieguan) ලෙස සුරතල් සුනඛයින් දෙදෙනකුට නම් තැබූ චීන පුරවැසියකුට සිර දඬුවම් නියම වී තිබේ. ඒ තබා ඇති නම්වලින් ‘ආණ්ඩුව’ සහ ‘සිවිල් සේවකයන්’ අදහස් වීමේ වරදට ය.

‘චෙන්ග්ගොන්’යන්නේ චීනයේ නාගරික ප්‍රදේශයන්හි බරපතළ නොවන අපරාධ පාලනය කරන නිලධාරීන් හැඳින්වෙන අතර , ‘ෂිගොන්’ රථවාහන හැසිරවීමෙහි නිරත නිල නොවන ප්‍රජා සහායකයන් සඳහා යොදා ගනු ලබන වචනයකි.

මෙසේ සිර දඬුවමට ලක් වූයේ බල්ලන් බෝ කරමින් එම සුරතල් සතුන් විකිණීම කරන චීන ජාතිකයෙකි.

ඔහු විසින් පුවත්පතක පළ කරන ලද දැන්වීමක මෙම වචන දෙක සඳහන් කිරීම හේතුවෙන් නීතිය ක්‍රියාවට නැංවීමේ නිලධාරීන්ට අදාළව අපහාසාත්මක තොරතුරු ප්‍රකාශයට පත් කරනු ලැබීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වහා ම විමර්ෂණ ආරම්භ කිරීමට පොලීසිය කටයුතු කර තිබුණි.

මහජන චීන ජනරජයේ ජනතා ආරක්ෂාව පිළිබඳ නීතියේ විධිවිධානවලට අනුව දඬුවමක් වශයෙන් ඔහු පරිපාලන රැඳවුම් මධ්‍යස්ථානයක දවස් දහයක කාලයක් රඳවා තබන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *