කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව ඖෂධ සැපයුම් අංශය තහවුරු කරයි

(කොළඹ, ලංකාපුවත්) –කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව වෛද්‍ය සැපයුම් අංශ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ ටී සුදර්ශන මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප‍්‍රකාශයක් උපුටා දක්වමින් මධ්‍යම බෙහෙත් ගබඩාවේ හිඟයක් ඇති බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ. එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව සැපයුම් අංශ අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

ඖෂධ ලබාගැනීම සිදුවන්නේ නිෂ්චිත කාලසටහනකට අනූවය. අවශ්‍යතාව මත ඖෂධ රෝහල් වෙත සැපයීමටත් කටයුතු යොදා ඇත.

ඉදිරි දින කිහිපයේ දී ඖෂධ තොග ගෙන්වන බව වෛද්‍ය ඒ ටී සුදර්ශන මහතා කියා සිටියේය. යම් හිඟයක් මතු වුවහොත් අවශ්‍ය ඖෂධය එම මොහොතේදීම මිළදී ගැනිමේ ක‍්‍රියාවලිය සඳහා රෝහල් අධ්‍යක්ෂවරයාට බලය ලබාදී ඇති බවත් වෛද්‍ය සැපයුම් අංශ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *