බාල වයස්කරුවන්ට මරණ දඬුවම සෞදිය නවතයි

(කොළඹ, ලංකාපුවත්) –බාල වයස්කරුවන් විසින් සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක මරණ දඬුවම නතර කරන බව සෞදි අරාබිය සදහන් කර ඇත.

බාල වයස්කරුවන් ලෙස සිටියදී අපරාධ කළ පුද්ගලයින්ට තවදුරටත් සෞදි අරාබිය මරණීය දණ්ඩනය නියම නොකරන බව එරට මානව හිමිකම් කොමිසම පවසා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

සල්මාන් රජුගේ රාජකීය ආඥාවක් උපුටා දක්වමින් මේ බව එරට මානව හිමිකම් කොමිසම් සභාව සදහන් කර තිබේ. එරට වැරදිකරුවන්ට කස පහර ලබාදීමේ නියෝගය තහනම් කිරීමෙන් දින දෙකකට පසුව මෙම නව ආඥාව ලබා දී ඇතැයි වාර්තාවේ.

මානව හිමිකම් වාර්තා වලට අනුව 2019 වසරේ දී සෞදි අරාබිය තුළ පුද්ගලයින් 184 දෙනෙකු ඝාතනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *