මියන්මාරයේ පතලක සිදුවූ නායයෑමෙන් මියගිය ගණන 160 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු මියන්මාරයේ මැණික් පතලක සිදුවූ නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 162ක් වී තිබේ.

අධික වර්ෂාව සමග පස් සහ ගල් කදු කඩාවැටී අනතුර සිදුවන සජීවී වීඩියෝ දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත්කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ දෙසීයකට වැඩි පිරිසක් සේවයේ නිරතව සිට තිබේ.

කචින් ප‍්‍රාන්තයේ හපකන්ට් ප‍්‍රදේශයේ තවමත් අතුරුදහන් වූවන් සොයා ගලවා ගැනීමේ කටයුතු දවස පුරා අඛණ්ඩව සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝකයේ විශාලතම ජේඩ් ආකර බහුල උතුරු මියන්මාරයේ හපකන්ට්ප්‍රදේශයෙන් මෙවැනි අනතුරු බහුලව වාර්තාවේ. ඉතාමත් දිළිදු පිරිස් මෙම ආකරවල සේවයේ යොදවා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *