රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ ගැනීම දේශීය ආයතනවලින් පමණයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබා ගැනීමේ දී ද දේශීය ආයතනවලින් පමණක් එම මිල දී ගැනීම් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

දේශීය ව්‍යාපාර නගා සිටුවීම සහ දේශීය අනන්‍යතාවය ප්‍රවර්ධනය කිරීම ජනාධිපතිතුමාගේ මූලික අරමුණ යි.

බත්තරමුල්ල තලවතුගොඩ ජනහමුවක දී මොරටුව ලී බඩු නිෂ්පාදකයන් පිරිසක් ඉදිරිපත් කළ ගැටළුවකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *