යාන් ඔය ව්‍යාපෘතියේ ගැටළු අගෝස්තුවෙන් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –යාන් ඔය ව්‍යාපෘතිය නිසා දේපල අහිමි වූ ජනතාවගේ සියළු ගැටළු අගෝස්තු 31 වනදාට ප්‍රථම විසදා අවසන් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පැවති විශේෂ හමුවකදි තීරණය විය.

ඒ අනුව, යාන් ඔය ව්‍යාපෘතිය නිසා දේපළ අහිමි වු ජනතාවට වන්දි ලබා දීම, නැවත පදිංචි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉඩකඩම් ලබාදීම ඇතුළු ගැටළු රැසක් පිළිබදව මෙහිදි විශේෂ අවධානය යොමුවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 27 වනදා ගෝමරන්කඩවල ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසදර වැඩසටහනේදී ජනතාව විසින් මෙම ගැටළු ඉදිරිපත් කළ අතර එහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ආණ්ඩුකාරවරියගෙන් ප්‍රධානත්වයෙන් රැස් වී හැකි ඉක්මනින් මෙම ගැටළු විසදීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙසයි.

මෙම විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව පිරිස මෙම ගැටළු පවතින ජනතාව ජීවත් වන ගම්මානයටම ගොස් ඒ ගැන සොයා බැලිම ද විශේෂත්වයකි.

යාන් ඔය ව්‍යාපෘතියෙන් දේපළ අහිමි වූ පවුල් 201ක් අලුතින් ඉඩම් ලැබුණු කජුවත්ත සහ මල්පෝරුව යන ප්‍රදේශවල ජීවත් වන අතර ඔවුන්ට ඉඩම් ලබා දීමේදි ද අසාධාරණයක් සිදු වි ඇති බව මෙහිදි අනවරණය විය.

ඊට අමතරව වන්දි ලබා දීමේ ක්‍රමවේදය ද අවුල් සහගත බව මෙම සාකච්ඡාවේදි හෙළි විය. එම නිසා එම ඉඩම් යළිත් වරක් මැනුම් කටයුතු සිදු කිරීමටත් ලබා දීමට නියමිත වන්දි මුදල් යළිත් තක්සේරු කිරීමටත් මෙම සාකච්ඡාවේදි තිරණය විය. අගෝස්තු 31 වන දින මෙම කටයුතු අවසන් කිරීමට තීන්දු වූ අතර එතෙක් මාසිකව රැස්වී ප්‍රගතිය සොයා බැලීම සදහා ප්‍රා දේශිය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ගැනිමද මෙහිදි සිදු විය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ.රණවක, වනජීවි රාජ්‍ය අමාත්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් සමන් පාඩිකෝරාල, වාරිමාර්ග අධ්‍යක්ෂක ජෙනරාල්, ඉඩම් කොමසාරිස් ජෙනරාල්, මොරවැව ප්‍රාදේශිය ලේකම්, යාන් ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *