සිකා වෛරසය ශ්‍රී ලංකාවේත් ව්‍යාප්ත වීමේ අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – සිකා වෛරසය මදුරුවන්ගෙන් බෝවන හෙයින් ලංකාව තුළද එය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

අද (10) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි දීපාල් පෙරේරා මහතා මේ බව කියා සිටියේය.

එමෙන්ම මේ රෝගය මේ වන විට ඉන්දියාවේ පැතිර යමින් තිබෙන නිසා ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන අය ගැන කල්පනාකාරී විය යුතු අතර රෝගය සහිත පුද්ගලයෙක් හෝ පැමිණිය හොත් එමඟින් අපගේ රට තුළද රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කළා.

මෙය ඩෙංගු රෝගය හා සමාන රෝගයක් වන අතර රෝග ලක්ෂණද ඩෙංගු රෝගය හා සමාන වන බවත් විශේෂයෙන් මෙය ගැබිණි මව්වරුන්ට වැළඳුනහොත් උපදින දරුවන්ගේ මොළය කුඩා වීමක් සිදුවන නිසා රෝගය සෑදීම වළක්වා ගත යුතු බවයි දීපාල් පෙරේරා මහතා කියාසිටියේ.

මෙහිදී විශේෂයෙන් මදුරුවන් බෝ වීම වළක්වා ගැනීම මෙන්ම මදුරුවන් දෂ්ට කිරීමෙන්ද ආරක්ෂා වීම වැදගත්ය.

මෙම රෝගය උගන්ඩාවේ සිකා නමැති වනාන්තරයේ වදුරන්ට මුලින් වැළඳී ඇති අතර පසුව එය මිනිසුන්ටද වැළඳී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *