සතොස ‘නත්තල් සහන මල්ල’ 1998 ඇමතීමෙන් ගෙදරටම

(ලංකාපුවත් | කොළඹ) – එළඹෙන උත්සව සමය වෙනුවෙන් සතොසෙන් දෙන විශේෂ නත්තල් සහන මල්ල රුපියල් 1998කට දීමට පියවර ගෙන තිබෙන අතර මෙය 1998 දුරකතන අංකයට කතා කොට ඕනෑම ප්‍රදේශයක සිටින පාරිභෝගිකයකුට තම නිවසටම ගෙන්වා ගත හැකිය.

මෙම සහන පැකේජය වන ‘නත්තල් සහන මල්ල ඉකුත් (18) වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වාදීම සිදුකෙරිණි.

මෙහිදි අදහස් දැක්වු ඇමැතිවරයා සඳහන් කළේ සුපිරි සම්බා කිලෝ එකක් රුපියල් 125යේ මිලට කිලෝ දහයකුත්, දුඹුරු සීනි කිලෝ එකක් රුපියල් 125 මිලට කිලො දෙකකුත්, රුපියල් 140යේ අඩු මිලට තායිලන්තයේ හොඳම හාල්මැස්සන් ග්‍රෑම් දෙසීයකුත්, ග්‍රෑම් හාරසීයේ නූඩ්ල්ස් පැකට් එකක්, තේකොළ ග්‍රෑම් සීයේ නොම්මර එකේ පැකට් එකක්. ලුණු ග්‍රෑම් හාරසීයක්, නියම ටී.එෆ්.එම්. අගය ඇති හොඳම සුවඳ සබන් කැටයක්, නියම රෙදි සෝදන සබන් කැටයක් කිසිදු ගාස්තුවක් අය නොකර රුපියල් අනුපහක් වටිනා ඇල්ලී පපඩම් පැකට් එකක් මෙම භාණ්ඩ අතුළත් බවයි.

මේ මල්ල රුපියල් එක්දහස් නවසිය අනුඅටකට ලබා දෙන්න කටයුතු යොදා තිබෙන බවද හෙතෙම පැවසීය. එසේම 1998 සතොස සෘජු අංකයට කතා කර හෝ වට්ස්ඇප්එකට හෝ සතොස වෙබ්අඩවියට පිවිසීමෙන් මේ භාණ්ඩ මල්ල ඇනවුම් කළ හැකිය.

පැය හතළිස් අටක් තුළ ලංකාවේ කොහේ සිටියත් ඔබේ නිවසටම ගෙනවිත් දෙන බවද ඇමැතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *