“මට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිමයි” – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – තමන්ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් වටින්නේ මව්බිම බවද දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් රට අරාජික කිරීමට තමාට අවශ්‍යතාවයක් නොමැති බවද අරලියගහ මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ඔහුට සහය පළ කරමින් එහි රැස්ව සිටි විශාල පිරිසක් අමතමිනි.

ජනපතිවරයාට බාධාවකින් තොරව තීන්දුවකට එළඹීමට හැකි බවද පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට අපි සූදානම් බවද ඒ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“රට ආරාජික කරන්න අපිට අවශ්‍ය නෑ. මගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණදීලා අභියෝග ජය ගැනීම. අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ. අපි ඒවට පූර්වාදර්ශ දීලා තියෙනවා.”

“ආර්ථික අර්බුදය හමුවේ විරුද්ධ පක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ගෙනියනවා. ඔවුන්ට අවශ්‍ය බලය විතරයි.”

“මහානායක ස්වාමීන්වහන්සේලා, කාදිනල් තුමා සර්ව පාර්ශික ආණ්ඩුවක් යෝජනා කරනවා.”

“ජනාධිපතිතුමාට බාධාවකින් තොරව තීන්දුවකට එළබෙන්න පුළුවන්.”

“පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම්.”

“මාව දේශපාලනයට ගෙනාවේ ඔබ තැබූ විශ්වාසය.”

“මම දැන් ඔබෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා.”

“ඔබත් එක්ක එක තීරණයට එන්න අපි සූදානම්.”

“පළමුවත් මව්බිම. දෙවනුවත් මව්බිම. තෙවනුවත් මව්බිම.”

“ඔබ සැමට සුබ අනාගතයක්.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *