මහ කන්නයේ අලුතින් කුඹුරු අක්කර 27,000ක් වගා කරයි

(කොළඹ, ලංකාපුවත්) – කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයිනේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ගන්නා ලද තීරණයට අනුව මෙවර මාස් කන්නයේදී වගා නොකළ ඉඩම් අක්කර 27,000කට ආසන්න ප්‍රමාණයක් යළි වගා කිරීමට පියවර ගෙන තිබේ.

"මහ කන්නයේ අලුතින් කුඹුරු අක්කර 27,000ක් වගා කරයි"

හෙරොයින් ඇද්ද යාත්‍රා හිමිකරුගේ නිවස පරික්‍ෂාවට

(කොළඹ, ලංකාපුවත්) – හෙරොයින් කිලෝග්‍රෑම් 231යි ග්‍රෑම් 54ක් බේරුවල දී අත්අඩංගුවට ගැනීමට අදාළව අදාළ හෙරොයින් ප්‍රවාහනය කරන ලද ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ මොරගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස ඊයේ(12) සවස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය නිලධාරීන් විසින් පරික්‍ෂාවට ලක් කර ඇත.

"හෙරොයින් ඇද්ද යාත්‍රා හිමිකරුගේ නිවස පරික්‍ෂාවට"

අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක්වන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක්වන ලකුණු"

මේගන් මාර්කල් ගූගල් සෝදිසි අතර පළමු තැනට

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ එංගලන්ත ගූගල් සෝදිසි අතර පළමු තැනට පත්වීමට මේගන් මාර්කල් සමත්ව ඇත.

"මේගන් මාර්කල් ගූගල් සෝදිසි අතර පළමු තැනට"

රටම බලා සිටින අධිකරණ තීන්දුව අද පස්වරුවේ

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට එරෙහිව දේශපාලන පක්ෂද ඇතුළුව පාර්ශව ගණනාවක් විසින් ගොනුකරනු ලැබූ පෙත්සම් පිළිබඳව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ පැවැති විභාගයේ තීන්දුව අද(13) සවස 4.00ට ලබාදීමට නියමිත බව වාර්තා වේ.

"රටම බලා සිටින අධිකරණ තීන්දුව අද පස්වරුවේ"

සිරකරුවන්හට වෙස් තැබීමක්

(කොළඹ, ලංකාපුවත්) –බන්ධනාගාරගතව සිටින නේවාසික සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විවිධ ක්‍රියාවලින් සිදුකරනු ලබන අතර ඉන් එක් ක්‍රියාවලියක් ලෙස එම නේවාසිකයින් පුහුණු කොට නර්ථන කණ්ඩායම් ඇති කිරිම හා ඔවුන් නිදහස්වී ගිය විට ඔවුන්හට ජීවත් වීම සඳහා ජීවන මාර්ගයක් ඇතිකිරීම හේතුවෙන් ඔවුන්හට විවිධ වෘත්තීන් පුහුණුකරමින් සමාජගත කිරීම පුනරුත්ථාපන ක්‍රියාවලියේ පරමාර්ථයවනු ඇත.

"සිරකරුවන්හට වෙස් තැබීමක්"

සපුගස්කන්ද වෙඩි තැබීමේ සැකකරු සොයා පොලිස් පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) –කිරිබත්ගොඩ, සපුගස්කන්ද, ගල්වල මංසන්ධියේදී ඊයේ (12) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

"සපුගස්කන්ද වෙඩි තැබීමේ සැකකරු සොයා පොලිස් පරීක්ෂණ"

මිනිස් හිසක් පෑලියගොඩින් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පෑලියගොඩ, දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්ත ශාලා භූමියක තිබී ඊයේ(12) අළුයම් කාලයේ දී මිනිස් හිසක් හමුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

"මිනිස් හිසක් පෑලියගොඩින් හමුවෙයි"

සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 23වනදා

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 23වනදා"

රටම බලා සිටින අධිකරණ තීන්දුව අද හෝ හෙට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි රටම බලා සිටි තීන්දුව අද හෝ හෙට ප්‍රකාශයට පත්කරනු ඇතැයි තතු දත් ආරංචිමාර්ග සඳහන් කරයි.

"රටම බලා සිටින අධිකරණ තීන්දුව අද හෝ හෙට"