විරාත් කෝලිගෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයට නොමිලේ ‘පබ්ලිසිටි’

(කොළඹ, ලංකාපුවත්) –  තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ ඔහුගේ පෙම්වතිය වූ ඉන්දීය නිළි අනුෂ්කා ශර්මා ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් තැබූ ෆේස්බුක් හා ට්විටර් සමාජ ජාල සටහන් ක්‍රිකට් ලෝලීන් අතරෙහි කතා බහකට ලක් වෙමින් පවති.

"විරාත් කෝලිගෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයට නොමිලේ ‘පබ්ලිසිටි’"

මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – මුදල් මණ්ඩලය විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අනුමැතිය සහිත ව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව නියෝජ්‍ය අධිපති වශයෙන් සී.ජේ.සී. සිරිවර්ධන මහතා පත් කර තිබේ.

"මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරයෙක්"

කළුතරට කාර්මික වෙළෙඳ කලාපයක්

(කොළඹ, ලංකාපුවත්) – කළුතර, මිල්ලනිය ප්‍රදේශයේ කාර්මික වෙළෙඳ කලාපයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ තායිලන්ත සමාගමක් අතර අවබෝධතා ගිවිසුමකට එළෙඹ ඇත.

"කළුතරට කාර්මික වෙළෙඳ කලාපයක්"

මොරගහ කන්දේ ගුරුවෙල ගොවිබිමේ දෙමුහුන් බෙලි ශාක පළදරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගුරුවෙල වගා බිමේ දෙමුහුන් වර්ගයේ බෙලි හටගෙන තිබේ.

"මොරගහ කන්දේ ගුරුවෙල ගොවිබිමේ දෙමුහුන් බෙලි ශාක පළදරයි"

පැණි බීම වර්ගවලට බදු වැඩි කිරීමේ යෝජනාවලියක්

(කොළඹ, ලංකාපුවත්) –ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කළ පැණි බීම වර්ග සඳහා බදු වැඩි කිරීමේ යෝජනාවලිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බාරදීම පසුගියදා සිදු විය.

"පැණි බීම වර්ගවලට බදු වැඩි කිරීමේ යෝජනාවලියක්"

තරුණයෙක් රටකජු අස්වනු නෙලන අළුත් මැෂිමක් හදයි

(කොළඹ, ලංකාපුවත්) – රටකජු කැඩීම සඳහා නව යන්ත්‍රයක් සකස් කිරීමට නාඋල – අළුගොල්ල ප්‍රදේශයේ තරුණයෙකු සමත්ව තිබේ.

"තරුණයෙක් රටකජු අස්වනු නෙලන අළුත් මැෂිමක් හදයි"

මෝටර් බයිසිකල් මිල පහතට

(කොළඹ, ලංකාපුවත්) – එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ.

"මෝටර් බයිසිකල් මිල පහතට"

විදුලි දුම්රිය ව්‍යාපෘතියට ටෙන්ඩර් කැදවයි

(කොළඹ, ලංකාපුවත්) – රජය විසින් මේ වසර තුළ විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා රටවල් 06කින් ටෙන්ඩර් කැඳවීමට පියවර ගෙන තිබේ.

"විදුලි දුම්රිය ව්‍යාපෘතියට ටෙන්ඩර් කැදවයි"

ෂැංග්‍රී-ලා හෝටලයේ ව්‍යාපාරික කටයුතු නොවැම්බර් 16වනදා ආරම්භ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ ඉදිකෙරෙමින් පවතින චීනයේ ෂැංග්‍රී-ලා හෝටලයේ ව්‍යාපාරික කටයුතු නොවැම්බර් 16වනදා සිට නිළ වශයෙන් ආරම්භවීමට නියමිතය. ඒ සඳහා වන වෙන් කිරීම් සැප්තැම්බර් 01 දා සිට ආරම්භ කරන බවද සමාගම නිවේදනය කරයි.

"ෂැංග්‍රී-ලා හෝටලයේ ව්‍යාපාරික කටයුතු නොවැම්බර් 16වනදා ආරම්භ කෙරේ"

“NSB i Saver” හදුන්වාදීම ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකික ජනතාවගේ ඉතිරිකිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සහ එය නව තාක්ෂණය සමග මුසු කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව නිර්මාණය කරන ලද “NSB i Saver” සේවාව දියත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) කොළඹ ජාතික ඉතිරිකිරීමේ බැංකු ප්‍රධාන ශාඛා පරිශ්‍රයේදී සිදු විය.

"“NSB i Saver” හදුන්වාදීම ජනපති ප්‍රධානත්වයෙන්"