අගමැති එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියට ගරු කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජාතික පාක්‍ෂිකයින්ගෙන් ඉල්ලීමක් සිදුකරයි. විජේරාමේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් මෙම ඉල්ලීම සිදු කරන ලදි.

"අගමැති එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක් කරයි"

පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) –නැවත දැනුම් දෙන තුරු සියලුම පොලිස් නිළධාරින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

"පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගුයි"

නව අගමැතිට – විදෙස් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත විදෙස් සුබ පැතුම් ද හිමිව තිබේ.

"නව අගමැතිට – විදෙස් සුබ පැතුම්"

නව අග‍මැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

"නව අග‍මැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි"

පාසල් තුන්දහසකට ඉදිරියේ දී කැඩෙට් පුහුණුව

(කොළඹ, ලංකාපුවත්) – අපොස උසස් පෙළ පන්ති ඇති පාසල් තුන්දහසකට ඉදිරියේ දී කැඩෙට් පුහුණුව ව්‍යාප්ත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එය වෘත්තීය සුදුසුකමක් බවට පත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

"පාසල් තුන්දහසකට ඉදිරියේ දී කැඩෙට් පුහුණුව"

හානි පූර්ණ කාර්යාලයෙන් ත්‍රස්තවාදීන්ට වන්දි දීමක් නැහැ – ඇමති පාඨලී

(කොළඹ, ලංකාපුවත්) –හානි පූර්ණ කාර්යාලය මගින් ත්‍රස්තවාදින්ට වන්දි ලබා දීමක් සිදු නොකෙරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

"හානි පූර්ණ කාර්යාලයෙන් ත්‍රස්තවාදීන්ට වන්දි දීමක් නැහැ – ඇමති පාඨලී"

නාලක ද සිල්වා නොවැම්බර් 07 දක්වා රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

"නාලක ද සිල්වා නොවැම්බර් 07 දක්වා රිමාන්ඩ්"

කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සඳහා සූදානම් විය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – වසර කිහිපයක් පුරා පැවති නියං තත්ත්වය පහව ගොස් රටට වැසි ලැබෙමින් පවතින මෙම අවස්ථාව කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සඳහා සූදානම් වීමට ඉතා උචිත අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.

"කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සඳහා සූදානම් විය යුතුයි – ජනපති"

සාමාන්‍ය ජනතාවට අයිති ඉඩම් කිසිවක් ගුවන් හමුදාව සතුව නැහැ

(කොළඹ, ලංකාපුවත්) –සාමාන්‍ය ජනයා සතු කිසිම ඉඩමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අත්කර ගෙන නොමැති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා පවසයි.

"සාමාන්‍ය ජනතාවට අයිති ඉඩම් කිසිවක් ගුවන් හමුදාව සතුව නැහැ"

විහාරස්ථානයක ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය ලබන 29වනදා ඉදි කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ විහාරස්ථාන පරිශ්‍රයක් ආශ්‍රීතව ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය ඔක්තෝබර් මස 29 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

"විහාරස්ථානයක ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය ලබන 29වනදා ඉදි කෙරේ"