විමල්-නාමල් ශෂීගෙන් ලබන සතියේ ප්‍රකාශ

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධියේ සැකපිට දැනට රක්ෂිත භාරයේ සිටින ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් නමැත්තා හමු වූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ යන තිදෙනාගෙන් ලබන සතියේ ප්‍රකාශ සටහන් කරගැනීමට කටයුතු කරන බව රහස් පොලීසිය ඊයේ (21) අධිකරණයට දන්වා සිටියේය.

"විමල්-නාමල් ශෂීගෙන් ලබන සතියේ ප්‍රකාශ"

දෙමටගොඩ ‘සියපත් සෙවණ’ අගමැති අතින් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත් කිරීමේ අරමුණ පෙරදැරිව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘථිය මගින් රුපියල් මිලියන 1064 ක වියදමින් දෙමටගොඩ ආරාමය පෙදෙසේ ඉඳි කරන ලද නිවාස ඒකක 266 කින් සමන්විත සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දෙවන අදියර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් අද (22) ජනතා අයිතියට පත් කෙරේ.

"දෙමටගොඩ ‘සියපත් සෙවණ’ අගමැති අතින් ජනතා අයිතියට"

සේනාගේ අම්පාර ආක්‍රමණය ගැන ඇමති දයා ගමගේ නිරීක්ෂණයක

(කොළඹ, ලංකාපුවත්) – රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති සේනා දළඹු විශේෂයෙන් පීඩාවට පත් ගොව් බිම්හි ගොවීන්ගේ ගැටලු සොයා බැලීම සඳහා අම්පාර දිසත්‍රික්කයේ මහඹය, පදියතලාව ප්‍රදේශයන්හි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සව්බල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පසුගිය දා නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

"සේනාගේ අම්පාර ආක්‍රමණය ගැන ඇමති දයා ගමගේ නිරීක්ෂණයක"

සාක් කළාපයේ ශල්‍ය වෛද්‍ය ප්‍රතිමුර්තිය සම්මානයෙන් පිදුම් ලැබූ නරේන්ද්‍රට උපහාර

(කොළඹ, ලංකාපුවත්) – ඡ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය විශේෂඥ නරේන්ද්‍ර ෆින්ටෝ මහතාට ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැති ඉන්දීය ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සංවිධානය කළ වාර්ෂික ජාත්‍යන්තර විද්‍යාත්මක සැසිවාරයේ දී සාක් කළාපයේ ශල්‍ය වෛද්‍ය ප්‍රතිමුර්තිය සම්මානයෙන් පිදුම්ලැබීම වෙනුවෙන් පවත්වනු ලැබූ උපහාර උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී පසුගියදා පැවැත්විනි.

"සාක් කළාපයේ ශල්‍ය වෛද්‍ය ප්‍රතිමුර්තිය සම්මානයෙන් පිදුම් ලැබූ නරේන්ද්‍රට උපහාර"

හොර පාරේ රට ගිහින් අමාරුවේ වැටෙන්න එපා – මන්ත්‍රී මනුෂ

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස විදේශ රැකියා සදහා පිටත්ව ගොස් දැන දැනම අමාරුවේ නොවැටීමට ශ්‍රමිකයින් වගබලාගත යුතු බවත්, නොයෙක් කරදරවලට මුහුණදුන් බවට මාධ්‍ය ඔස්සේ හඩ නගන්නේ මෙසේ නීති විරෝධී ආකාරයට විදේශ ගතවූ පිරිස් බවද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

"හොර පාරේ රට ගිහින් අමාරුවේ වැටෙන්න එපා – මන්ත්‍රී මනුෂ"

නාලක ද සිල්වා 30වනදා තෙක් යළි රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දීය ජාතික මර්සලි තෝමස් යන අයවලුන් ලබන30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද…

"නාලක ද සිල්වා 30වනදා තෙක් යළි රිමාන්ඩ්"

මිලියන 18ක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට

(කොළඹ, ලංකාපුවත්) – මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පන්නිපිටිය, කලල්ගොඩ හා තලවතුගොඩ ප්‍රදේශවලදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද(21) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

"මිලියන 18ක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට"

‘සේනා‘ මඩින මෙහෙයුම් ඇරැඹේ

(කොළඹ, ලංකාපුවත්) – සේනා දළඹුවා දිවයිනේ සියලු ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් බෝග රැසකට හානි කිරීම හේතුවෙන් දළඹු ව්‍යාප්තිය මැඩලීම පිණිස සම්පූර්ණ ශක්තිය යෙදවීමේ අරමුණින් කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු වලට අනුයුක්තව සේවයේ නියුතු සියලුම කෘෂි නිලධාරීන් සහ සේවකයින්ගේ නිවාඩු අද (21 ) සිට අවලංගු කිරීමට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් .එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා තීරණය කර තිබේ.

"‘සේනා‘ මඩින මෙහෙයුම් ඇරැඹේ"

නව ජනාධිපති නීතීඥවරුන් 25ක් දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති නීතීඥවරුන් 25 දෙනෙකු අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද(18) නිල වශයෙන් දිවුරුම් දුන්හ.

"නව ජනාධිපති නීතීඥවරුන් 25ක් දිවුරුම් දෙයි"

නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට විශේෂ මුදල් ත්‍යාග

(කොළඹ, ලංකාපුවත්) – නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට විශේෂ මුදල් ත්‍යාග පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කරයි.

"නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට විශේෂ මුදල් ත්‍යාග"