ඥාණසාර හිමිට නිදහස දෙන ලිපි තවම ලැබී නැහැ – බන්ධනාගාර දෙපාර්තමේන්තුව

(කොළඹ, ලංකාපුවත්) – සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ(22) පස්වරුවේ අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

"ඥාණසාර හිමිට නිදහස දෙන ලිපි තවම ලැබී නැහැ – බන්ධනාගාර දෙපාර්තමේන්තුව"

ත්‍රස්තවාදයට අනුබල දුන්නොත් විසිවසරක් හිරේ

(කොළඹ, ලංකාපුවත්) – “යම් තැනැත්තෙකු, කණ්ඩායමක් හෝ තැනැත්තන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ නිශ්චිතව දක්වනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවක් සාක්ෂාත් කර ගැනීම උදෙසා වෙනත් යම් ක්‍රියාකාරකමක නිරත නොවිය යුතුය. මෙම නියෝග උල්ලංඝනය කරමින් ක්‍රියා කරන යම් තැනැත්තකු හෝ තැනැත්තන් කණ්ඩායමක් වරදකට වරදකරු වන අතර මහාධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ විට වසර 10කට නොඅඩු සහ වසර 20කට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබේ.”

"ත්‍රස්තවාදයට අනුබල දුන්නොත් විසිවසරක් හිරේ"

පොලිස් ඇඳීරි නීතිය ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –හලාවත නගර සීමාවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද(13) අලුයම 04.00ටත් කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය පොලිස් වසම්වලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය උදෑසන 06.00ටත් ඉවත් කළ බව පොලිස් මූලස්ථානය පැවසීය.

"පොලිස් ඇඳීරි නීතිය ඉවතට"

සමන්තුරේ-චවලකඩේ-කල්මුනේ ඇඳිරි නීතිය ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –සමන්තුරෙයි, කල්මුණ සහ චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබු පොලිස් ඇදිරි නීතිය අද (29) පෙරවරු 08.00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

"සමන්තුරේ-චවලකඩේ-කල්මුනේ ඇඳිරි නීතිය ඉවතට"

ජනපති මාධ්‍ය සම්මාන උළෙල අදයි

(කොළඹ, ලංකාපුවත්) – ජනපති ජනමාධ්‍ය සම්මාන උළෙල අද (10) කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.

"ජනපති මාධ්‍ය සම්මාන උළෙල අදයි"

අය වැය ඡන්දය අදයි

(කොළඹ, ලංකාපුවත්) –2019 වර්ෂය සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවේ තෙවන වර ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

"අය වැය ඡන්දය අදයි"

රටේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් කරන්නේ නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

"රටේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් කරන්නේ නැහැ – ජනපති"

මධූෂ්ගේ ඉල්ලීම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ශ්‍රි ලංකාවේදී අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (27) ප්‍රතික්ෂේප කර තිබේ.

"මධූෂ්ගේ ඉල්ලීම ඉවතට"

බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටුකරනවා – ජනපති අවධාරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාවට පූර්වගාමීව ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියක් ප්‍රකාශයට පත් කළේ රට තුළ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙන්ම රටේ තරුණ පරපුරට ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ අවබෝධයක් ලබාදීමට බව ජනාධිපතිතුමා පවසයි.

"බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටුකරනවා – ජනපති අවධාරණය කරයි"