ජනවාරියේ දී ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්න

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රීපාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් ජනවාරි මාසයේ දී ශ්‍රීපාද වන්දනාවේ පැමිණීණමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැඛේ.

"ජනවාරියේ දී ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්න"

ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට රජය කටයුතු කරන බව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

"ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට සූදානම්"

සංචාරක හෝටල් වල විදුලි සැපයුම විසන්ධි කරන්න එපා – ඇමති ඩලස්ගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින සංචාරක හෝටල් වල හිඟ විදුලිබිල්පත් මත විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ට උපදෙස් දි තිබේ.

"සංචාරක හෝටල් වල විදුලි සැපයුම විසන්ධි කරන්න එපා – ඇමති ඩලස්ගෙන් උපදෙස්"

බණ්ඩාරනායක ගුවන්තොටුපොළ රාජ්‍ය ඇමති සුදර්ශිනීගේ හදිසි නිරීක්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 පාලනය සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදවත්, ඉදිරියේදී සංචාරකයින් මෙරටට ඇතුළුවීමේදී සහ සාමාන්‍ය ගුවන්සේවා ආරම්භ කිරීමේදී අනුගමනය කෙරෙන සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදවත් සොයා බැලීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණයකට එක්විය.

"බණ්ඩාරනායක ගුවන්තොටුපොළ රාජ්‍ය ඇමති සුදර්ශිනීගේ හදිසි නිරීක්ෂණයට"

හෙට බටහිර අහසේ දුර්ලභ අහස් සංදර්ශනයක්: බ්‍රහස්පති සහ සෙනසුරු දිගටි ආලෝක බෝලයක් මෙන් දිස් විය හැකියි

(කොළඹ, ලංකාපුවත්) –සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු මේ දින වල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකියහැකි වනු ඇත. එදිනට එම ග්‍රහ ලෝක දෙක එක්ව අසන්න වශයෙන් විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

"හෙට බටහිර අහසේ දුර්ලභ අහස් සංදර්ශනයක්: බ්‍රහස්පති සහ සෙනසුරු දිගටි ආලෝක බෝලයක් මෙන් දිස් විය හැකියි"

රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී හා WHO ශ්‍රී ලංකා නියෝජිතවරිය අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ ඉතා සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර ඒ හරහා මෙරට ජනතාවගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ මට්ටමක පැවැති බවත් නැවත එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබදව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය හමුවේ අවධාරණය කළාය.

"රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී හා WHO ශ්‍රී ලංකා නියෝජිතවරිය අතර හමුවක්"

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය තෙමසක් තුළ දී

(කොළඹ, ලංකාපුවත්) –ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස්කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව ඊයේ(18) ගන්නෝරුව උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ දී පළමුවරට රැස්විය. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

"ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය තෙමසක් තුළ දී"

ඉදිරි සතිය අතිශය තීරණාත්මකයි, පළාත් අතර ගමනාගමනය සීමා කළ යුතුයි – වසංගත රෝග විද්‍යා ඒකකය

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි සතිය අතිශය තීරණාත්මක වියහැකි බව වසංගත‍ රෝග විද්‍යා ඒකකය පවසයි. උත්සව සමය එළඹීමත් සමග ජනතාව වැඩි වශයෙන් ගමන් බිමන්වල නිරතවීම හේතුවෙන් වෛරසය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවයි එම ඒකකය පෙන්වා දෙයි.

"ඉදිරි සතිය අතිශය තීරණාත්මකයි, පළාත් අතර ගමනාගමනය සීමා කළ යුතුයි – වසංගත රෝග විද්‍යා ඒකකය"

ඉන්දියානු ආධාර යටතේ මෙරට නිවාස ඉදිකිරීම සදහාවන ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –වත්මන් රජය කිසිම විටක රටට අහිතකර ගිවිසුම්වලට එළඹෙන්නේ නැති බවත්, රටේ ජනතාව ගැන සිතා MCC ගිවිසුම බැහැර කිරීම හේතුවෙන් ඩොලර් මිලියන 500 කට ආසන්න ප්‍රමාණයක් රටට අහිමි වු බවත්, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

"ඉන්දියානු ආධාර යටතේ මෙරට නිවාස ඉදිකිරීම සදහාවන ගිවිසුමක්"

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 02 ක ප්‍රදානයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් 19- මර්දන වැඩපිළිවෙළ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව යුරෝපා සංගමය (European Union) විසින් යුරෝ මිලියන 02 ක (රු.මිලියන 457 ) ප්‍රදානයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාර දෙන ලදී.

"ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 02 ක ප්‍රදානයක්"