රට පුරා ඇඳිරිනීතිය පැනවීමේ සූදානමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – රට පුරා ඇඳිරිනීතිය පැනවීමේ සූදානමක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

"රට පුරා ඇඳිරිනීතිය පැනවීමේ සූදානමක් නැහැ"

ජාතික අක්ෂි රෝහලෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – රටේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස එම රෝහල ජනතාවගෙන් ඉල්ලා සිටියි.

"ජාතික අක්ෂි රෝහලෙන් ඉල්ලීමක්"

කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය යොදා ගැනීමට තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – වසර 50 කට පෙර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිශ්පාදන, තේ ඇතුළු අපනයන බෝග, ඉන්ධන මෙන්ම පොහොර ප්‍රවාහනය කිරීමේ ප්‍රධාන මාධ්‍ය ලෙස දුම්රිය සේවය භාවිතා කළද වර්තමානය වන විට එය මහා මාර්ගවල ප්‍රවාහන මාධ්‍යයන්ට පරිවර්ථනය වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවාහන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති අතර, අපතේ යාම්, මාර්ග තදබදය මෙන්ම පරිසර දූෂණයද ඉහළ ගොස් ඇත.

"කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය යොදා ගැනීමට තීරණයක්"

නැනෝ තාක්ෂණ ආයතනයෙන් LAMP PCR පරීක්ෂණ කට්ටලයක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් – 19 වෛරසය හඳුනා ගැනීම සඳහා LAMP ( Loop- Mediated Isothermal Amplification ) පී. සී. ආර් පරීක්ෂණ කට්ටලයක් නිපදවීමට තාක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රි ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමත්ව තිබේ.

"නැනෝ තාක්ෂණ ආයතනයෙන් LAMP PCR පරීක්ෂණ කට්ටලයක්"

ගම්පහ,ජා-ඇල සහ කඳානට පොලිස් ඇදිරි නීතිය

(කොළඹ, ලංකාපුවත්) – ගම්පහ පොලිස් කොට්ඨාශයට,කැලණිය පොලිස් කොට්ඨාශයේ කඳාන සහ ජා- ඇල පොලිස් බලප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇත.

"ගම්පහ,ජා-ඇල සහ කඳානට පොලිස් ඇදිරි නීතිය"

සේරුවිල විලේ ඓතිහාසික පාරිසරික සහ ස්ථානීය වැදගත්කම ගැන සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – සේරුවිල විලේ ඓතිහාසික පාරිසරික සහ ස්ථානීය වැදගත්කමත් එහි වර්ථමානයේ පැන නැගි ඇති අවධානම් සහගත තත්වයන් හදුනා ගැනීම ඇතුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැව් සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් පසුගියදා 02) වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සේරුවිල විල්ගම් වෙහෙර රජමහා විහාරයේ දි පැවැත්විණි.

"සේරුවිල විලේ ඓතිහාසික පාරිසරික සහ ස්ථානීය වැදගත්කම ගැන සාකච්ඡාවක්"

නිව් ඩයමන්ඩ් නෞකාවේ පාලනාධිකාරිය මිලියන 442ක් ගෙවයි

(කොළඹ, ලංකාපුවත්) – එම් ටී නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ ගින්න නිවීම සඳහා වැයවූ මුදල වෙනුවෙන් රුපියල් මිලියන 442 ක් නෞකාවේ පාලනාධිකාරිය මඟින් ගෙවා ඇත.

"නිව් ඩයමන්ඩ් නෞකාවේ පාලනාධිකාරිය මිලියන 442ක් ගෙවයි"

ඇඳිරි නීතිය උල්ලංගණය කළ 10ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මිනුවන්ගොඩ ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

"ඇඳිරි නීතිය උල්ලංගණය කළ 10ක් අත්අඩංගුවට"

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය

(කොළඹ, ලංකාපුවත්) –ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය පනවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"ගම්පහ ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය"

දිවුලපිටියෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගැනේ

(කොළඹ, ලංකාපුවත්) –දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන ඇත.

"දිවුලපිටියෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගැනේ"